May212015

අනුෂ්කා ආයෙමත් කෝලිට ලෙඩක් දාලා - (ඡායාරූප)

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරගයක් අතර රෝයල් චැලෙන්ජර්ස් පිලේ නායක විරාට් කෝලි සිය පෙම්වතිය වන බොලිවුඩ් නිළි අනුෂ්කා ශර්මා සමග හුදෙකලාව සිටින දර්ශන දැවැන්ත රූපවාහිනී තිරයේ ප්‍රදර්ශනයවීමත් සමග ගැටලුවක් මතුව තිබේ. ඒ මේ හමුවෙන් තරගාවලියට අදාලව කෝලි අත්සන් කළ ගිවිසුම් කඩවීම නිසා ය. තරගාවලියේ ගිවිසුම් අනුව තරගයක් අතරතුර කිසිදු පිටස්තර පුද්ගලයකු සමග ගනුදෙනු කළ නොහැකි ය.

විරාට් හා ශර්මා මෙසේ හුදෙකලාවී ඇත්තේ බැංගලෝරයේ චින්නසාමි පිටියේ පැවැති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 55 වැනි තරගය අතරතුරය. ඔවුන් මෙසේ හුදෙකාව සිට ඇත්තේ අදාල තරගයට වර්ෂාවෙන් බාධා පැමිණීම නිසා ය. කෙසේවුවද ඒ වන විට තරගය වර්ෂාව නිසා අත්හිටුවීමට තීරණය කර නොතිබුණු බවද පැවසේ.



Share this

More Gossip News