මහගෙදර ආච්චි යන්නම යයි

මහගෙදර මෙගා ටෙලි නාට්‍යයේ ආච්චිගේ චරිතයට පණ පෙවූ ඉන්දීය නිළි සුධා ශිව්පුරි මෙලොවින් සමුගෙන ඇති බව වාර්තා වනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ 77 හැවිරිදි සුධා ශිව්පුරි  නින්දේදීම ඊයේ (20) උදෑසන මියගොස් ඇති බවයි. ඉන්දීය ටෙලි නාට්‍යයක් වන එක්තා කපූර් විසින් අධ්‍යක්ෂණය කරන ලද 'කියුකී සාස් භී කබී බහු තී' සිංහලට හඬකැවීමෙන් පසු මහගෙදර ලෙස ලාංකීය රසිකයන් වෙත ඉදිරිපත් වූ අතර එය ඉන්දියාවේ විකාශනය වී දීර්ඝතම මෙගා ටෙලි නාට්‍යයකි. 

එම ටෙලි නාට්‍යයට අමතරව මිසින්, රිෂ්තේ වැනි ටෙලි නාට්‍ය වලට සහ ඉන්සාෆ් කා තරාසු,හමාරී බහූ අල්කා සහ සාවන් කෝ ආනේ දෝ වැනි චිත්‍රපට සඳහාද ඇය රංගනයෙන් දායක වී තිබේ. සිය අසනීප තත්වයෙන් පසු වූ මව සුව කරගැනීම සඳහා ඉතා තරුණ අවදියේදී රංගනයට එක්වී ඇති සුධා, හරී ශිව්පුරි නැමති ජනප්‍රිය නළුවා සමඟ විවාහ වී ඇත.ඇයට දියණියක සහ පුතෙකු සිටියි.














Share this