May202015

කාන්තා ක්‍රිකට් ලිංගික අල්ලස් විමර්ශන වාර්තාව ක්‍රීඩා ඇමතිට

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ලිංගික අල්ලස් චෝදනා විභාග කිරීමට පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ කමිටු වාර්තාව එම කමිටුවේ සභාපති, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක මහතා  ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා වෙත අද පස්වරුවේ (20) ක්‍රීඩා අමාත්‍යාංශයේදී භාරදුන්නේය.

මෙම අවස්ථාවට කමිටුවේ සෙසු සාමාජිකයන් වන මහා භාණ්ඩාගාරයේ භාරකාරිනී තරංගනී කීනවින්න දිසානායක, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ඒකාබද්ධ සේවයේ අධ්‍යක්ෂක ආලෝක බණ්ඩාර, සංචාරක හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් එම්.අයි.එම්. රෆීක් සහ අතිරේක ලේකම් සමන් බණ්ඩාර යන අයද සහභාගී වූහ.

Share this

More Gossip News