බල්ලොත් මිනිකූපර් එළවන්න පටන් ගනී

ඔබ සැමගේම නිවසේ නැතත් බහුතරයක් නිවෙස්වල සුරතලයට බල්ලෙක් ඇති කරනවා නේද?
ඉතින් මේ කියන්න යන්නේ එලෙස ඇති කරන බල්ලන් ගැන නම් නෙවෙයි. එහෙත් ඔයාලාෙ කවදාවත් දැකල නැතුව ඇතිනේ බල්ලෙක් තනියෙන් පාරේ වාහනයක් එලවන් යනවා. එහෙම දෙයක් කිව්වට විශ්වාස කරන්නත් අමාරුයි නේද ? එහෙත් ලොව එවැනි දේවලුත් සිදු වෙනවා. ලෝකයේ වාහනයක් එලවන්න පුහුණුකෙරුණු ලෝකයේ පළමුවෙනි සුනඛයා වන්නේ‍ෙ Porter (පෝටර්). හිතාගන්න අමාරුයි නේද? 

පෝටර් සහ තව බල්ලෝ දෙදෙනෙක්ට මෙම පුහුණුව ලබාදෙන බවයි වාර්තා වන්නේ.  SPCA ( Society for the Prevention of Cruelty to Animals ) කියන සත්ව හිංසනය පිටුදැකීමේ ආයතනය මගින් ඔවුන් රැකබලා ගැනෙනවා. වෙළෙඳ දැන්වීමක කොටසක් ලෙස මෙම සුනඛයන්ට රියැදුරු පුහුණුව ලබාදීම සිදු කෙරුණු බවයි වාර්තා වන්නේ. මේ නිසා නිර්මාණය වුනු දැන්වීම් දකින කෙනෙකුට මේගොල්ලෝ එසේ මෙසේ කට්ටියක් නොවන බව මනාවට වැටහෙනවා.


Share this