වාසු පාර්ලිමේන්තුවේ දී රනිල්ට අසභ්‍ය ලෙස බනී [VIDEO]

රනිල් වාසුට රැවුල කපන් එන්න කියයි..!

පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර අද පාර්ල්මේන්තුවේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අසභ්‍ය ලෙස බැනවැදී ඇතැයි වාර්ථා වේ.මෙම ප්‍රකාශය සිදුවී ඇත්තේ වාසුදේව නානායක්කාර සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර ඇතිවූ උනුසුම් වචන හුවමාරුවක දීය.

අග්‍රාමාත්‍ය වරයා මෙහිදී වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා නිහඬකිරීමට උත්සාහ කරන ලද අවස්ථාවේ වාසු දේව නානායක්කාර මහතා මේ ආකාරයෙන් අසභ්‍ය වචනයෙන් බැනවැදී ඇත.“උඹට පුළුවන්ද මා වාඩිකරන්න ? ප..... “යන වදන් බාවිතා කරමිනුයි අගමැතිවරයාට වාසුදේව නානායක්කාර මහතා විසිනු බැණ වැදුණේ.

මෙහිදී ඇතිවූ උනුසුම් වචන හුවමාරුව ටික වේලාවක් පැවති අතර, මෙහිදී කථානායකවරයා අවධාරණය කලේ පාර්ලිමේන්තු සැසිවාරය නැරඹීමට පාසල් සිසුන් ඇතුළු විශාල පිරිසක් සහභාගීවන බැවින් පාර්ල්මේන්තුවේ ගෞරවය ආරක්ෂාකිරීමට සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිහිතබාගත යුතු බවයි. 





video

Share this