Cafe Seventy Seven ආපනශාලාවේ උදෑසන ආහාර පාර්සලයක පත්තෑයෙක් [ඡායාරූප සහිතයි]

නවලෝක රෝහල වෙතද ආහාර සපයනු ලබන ශ‍්‍රී ලංකා ටෙලිකොම් මූලස්ථාන පරීශ්‍රයේ ආපනශාලාව පවත්වාගෙන යනු ලබන්නේ Cafe Seventy Seven මගිනි. මෙම ආයතනය ඉතාමත් සුපිරි ආකාරයෙන් කරගෙන යන්නක් බව බැලූ බැල්මට කිව හැකි කරැණකි.

වාර්තා වන ආකාරයට ටෙලිකොම් මූලස්ථාන පරිශ්‍රයේ තවත් ආපන ශාලා කිහිපයක් විවිධ ආයතන මගින් පවත්වාගෙන යනු ලබන අතර මෙම Cafe Seventy Seven ආයතනයේ ආහාරවල මිලද අනිත් ආපන ශාලාවල ආහාරවල මිලට වඩා වැඩි බවයි.  ඒ ඔවුන් ඉතාමත් ගුණාත්මක අන්දමේ ආහාර ලබාදෙන නිසාවෙන් යැයි මතයක්ද පවතිනවා. 

නමුත් මෙම සුපිරි ආපන ශාලාවෙන් ඊයේ (21) දින සේවකයකු මිලදීගත් උදෑසන ආහාර පාර්සලයක පත්තෑයෙක් සිටි පුවතක් වාර්තා වනවා.

අවධානය යොමුකල යුතු කරැණ වන්නේ නවලෝක රෝහල වෙතද ආහාර සපයන්නේ මෙම ආයතනය මගින් වීමයි.





Share this