‘යෝෂිත‘ට පුහුණුව දෙන්න නාවික හමුදාවට මිලියන 21ක් වැය වෙලා.

යෝෂිතගේ අධ්‍යාපන සුදුසුකම් ලියකියවිලි අතුරුදන්..!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදා නිලධාරියකු ලෙස ලබා ඇති විදෙස් පුහුණුවීම් සඳහා ශ‍්‍රී ලංකා නාවික හමුදාව විසින් රුපියල් මිලියන 21ක් වැය කර ඇති බව ඒ මහතා නාවික හමුදාවට බඳවා ගැනීම පිළිබඳ සොයා බැලූ නාවික හමුදා පරීක්ෂණ මණ්ඩලය තහවුරු කරගෙන තිබේ.

හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක නිලධාරියකු ලෙස ජනාධිපති ආරක්ෂක ඒකකයට අනුයුක්ත කර සිටි ලූ‍තිනන් යෝෂිත රාජපක්ෂ මහතා මහින්ද රාජපක්ෂ මහතා විදේශගත වන අවස්ථාවලදී. මූලික ආරක්ෂක නිලධාරියකු ලෙස විදේශගත වන බවත් ඔහු ජනාධිපතිවරයාගේ සහායකයකු ලෙස පත්කර සිටි බවත් සඳහන් වේ.

පරීක්ෂණ මණ්ඩලය විසින් සොයාගෙන ඇති කරුණුවලට අනුව නාවික හමුදාවේ ආධුනික නිලධාරියකු ලෙස රාජපක්ෂ මහතා බඳවා ගැනීමට මූලික අධ්‍යාපන සුදුසුකම් තිබී නැති අතර ආරක්ෂක අමාත්‍යාංශය විසින් නාවික හමුදාවට කළ නියෝගයකට අනුව ඔහු ආධුනික නිලධාරියකු ලෙස අනුයුක්ත කරගෙන ඇත.
කෙසේ වෙතත් යෝෂිත රාජපක්ෂ මහතාගේ අධ්‍යාපන සුදුසුකම් දැක්වෙන ලියකියවිලි ඔහුගේ නාවික හමුදා

පෞද්ගලික ලිපිගොනුවෙන් අතුරුදන් වී ඇති බව අනාවරණය වී තිබේ.නාවික ලූ‍තිනන් රාජපක්ෂ මහතා මහා බි‍්‍රතාන්‍යයේ සිදුකළ පුහුණුවීම් පාඨමාලා තුනක් සඳහා පිළිවෙළින් රුපියල් මිලියන 6.2ක්, මිලියන 1ක් හා මිලියන 5.4ක් වැය කර ඇති අතර යුක්රේනයේදී රුපියල් මිලියන 3.9ක් හා 3.5ක් වැයකර තවත් පාඨමාලා 02කට සහභාගි වී ඇත. මෙම වියදම්වලට අමතරව ගුවන් ගමන් ගාස්තුද අතිරේකව වැය වී තිබේ.

----------------------------------------------------------------------------

The Board was chaired by Rear Admiral D.W.B. Wettawa and comprised Commodore U.S.R. Perera and Commodore M.M.V.B. Medegoda. Their report reveals some shocking details:

1.The qualification requirement for the 45th Intake of Officer Cadets, to which Cadet Y.K. Rajapaksa, (NRX 2431) belongs, was to have six credit passes for GCE (OL) in one sitting including English, Mathematics, Science and Sinhala in addition to GCE (AL) two passes. This is what had been advertised. Going through his personal file, it became apparent he has NOT obtained a credit pass for Sinhala in the same sitting. Certificates for both AL and OL are not available in his file.

2.The Board did not come through any material evidence to substantiate whether the Navy took a decision to accept the GCE (OL) examination results in consequent years (2003/2004) produced by Cadet Y.K. Rajapaksa. Therefore, the Board cannot make a conclusive statement on his enlistment. It is possible this could have been considered as a special case.

3.When Cadet Rajapaksa was undergoing training at the Naval Maritime Academy, three senior Navy sailors have been assigned to provide security for him. This is in addition to security provided for the training area by the Presidential Security Division (PSD).

4.Navy sources told  these special arrangements and other privileges including the selection of Lt. Rajapaksa for special prizes were given by one time Navy Commander Admiral Wasantha Karannagoda.

5.Cadet Rajapaksa was not sent on a scholarship to the Britannia Royal Naval College. This slot has been obtained on payment basis exclusively for Cadet Rajapaksa.

6.He has later been attached to the Royal Navy for two more courses in sea training.
Thereafter, Rajapaksa who was then a Midshipman (after joining as Sub Lieutenant) was again attached to the International Sub (Executive)Course at the Maritime Warfare College, HMS Collingwood in Hampshire.

Share this