විමුක්ති හා චතුරිකා ඉදිරි මහ මැතිවරණයට ?

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගේ හා ජනතාවාදී කලා ශිල්පියකුව සිටි විජය කුමාරණතුංග මහතාගේ එකම පුත් පශු වෛද්‍ය විමුක්ති කුමාරණතුංග මහතා හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දියණියක වන චතුරිකා සිරිසේන මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වීමට නියමිත බව ඉතා විශ්වාසදායක ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

විමුක්ති කුමාරණතුංග මහතාගේ දේශපාලන ආගමනයට හිටපු ජනාධිපතිනියගේ පුර්ණ ආශිර්වාදය හිමිව ඇති අතරම, කිසිදු විටෙක දේශපාලනයට එක්නොවන බවට දැඩි ස්ථාවරයක සිටි විමුක්ති කුමාරණතුංග මහතා ද බණ්ඩාරනායක හිතවාදීන්ගේ යෝජනාව කෙරෙහි අවධානය යොමුකරමින් සිටින බව පැවසේ.

එසේම, විමුක්ති කුමාරණතුංග මහතා ළඟදීම ඉතා දියුණු තත්වයේ සත්ව රෝහලක් මෙරට ආරම්භ කිරීමට ද තීරණය කර තිබේ.

මේ අතර, නිල සංචාරයක් සඳහා පසුගියදා ශ්‍රී ලංකාව පැමිණි භූතානයේ අග‍්‍රාමාත්‍ය ෂෙරීන් ටොබ්ගේ මහතාගේ බිරිඳගේ පරිවාර කාන්තාව ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දියණියක වූ චතුරිකා සිරිසේන මහත්මිය කලඑළි බැසීම දේශපාලන ක්ෂේත්‍රයේ විශේෂ අවධානයට ලක්විය.

Share this