තිස්ස අධිකරණයේ සරණ පතයි

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වයෙන් නෙරපීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා එක්සත් ජාතික පක්ෂයේ  හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.

ජනාධිපතිවරණයෙන් පසුව පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමකදී තිස්ස අත්තනායක මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂය පැවසීය. 

Share this