අගමැති රනිල්ගේ ප්‍රකාශයකට තමිල්නාඩු විරෝධය

ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු තීරයේ මසුන් මැරීම් සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයට දකුණු ඉන්දීයාවෙන් විරෝධය පල වෙයි. ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු තීරයේ මසුන් මැරීමට පැමිණීම හේතුවෙන් වෙඩි තැබීමට හේතු වුවහොත් ශ්‍රී ලංකා නාවික හමුදාවට මානව හිම් කම් චෝදනා එල්ල විය යුතු නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි. 

දකුණු ඉන්දීය රූපවාහිනී ආයතනයක් විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි අගමැති රනිල් වික්‍රමසිංහ එසේ ප්‍රකාශ කළේ. තමන්ගේ නිවසට කිසිවකු බලහත්කාරයෙන් ඇතුල් වෙනවා නම් තමාට වෙඩි තැබීමට නීතියෙන් ඉඩ කඩ ඇති බවයි ඔහු තවදුරටත් කියා සිටියේ.

ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු කලාපයට නොපැමිණ ඉන්දීය කලාපයේ මසුන් මරන්නේ නම් මේ ප්‍රශ්නය උද්ගත නොවන බවයි ඔහු පැවසුවේ. ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු කලාපයට පැමිණීම හේතුවෙන් උතුරේ ධීවරයන්ගේ ජීවිකා වෘතියට බලපෑමක් එල්ලවී ඔවුන්ගේ ආදායම අහිමිවී ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය. ‍

මෙම ප්‍රකාශය සම්බන්ධ‍යෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයා මාධ්‍යවේදීන් අමතමින් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා අගමැතිවරයා එවැනි තදබල ප්‍රකාශයක් කිරීම අනුමත කළ නොහැකි බවත්. සිදු කළ යුත්තේ එම ධීවරයන්ට ආරක්ෂාව සැපයිම බවත්, එකමුතුව, සාමකාමීව, රාජ්‍ය තාන්ත්‍රික ආකාරයට මේ ප්‍රශ්නය විසඳා ගැනීමට හැකියාව තිබෙන බවත්ය.


‍මේ අතර ඉන්දීය මුහුදු සීමාව උල්ලංගනය කළ ශ්‍රී ලාංකික ධීවරයින් 06 දෙනෙකු සහ ධීවර යාත්‍රාවක් ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය විසින් ‍පෙ‍රේදා අත්අඩංගුවට ගෙන ඇත. ත්‍රීකුණාමලයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධමෙම පිරිස නාගපට්ටම් මුහුදේ නාවික සැතපුම් 128 දුරින් වූ මුහුදු තීරයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩි දුර විමර්ශන කටයුතු සඳහා ඔවුන් රඳවාගෙන සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Share this