වැට්‌ වංචාකාරයන් කොටු කළාට තානාපති නිලධාරියාට ඩෝං ගිහින්

- හමුදා නිලධාරියාගේ රියෑදුරු අස්‌කරලා

ශ්‍රී ලංකාවේ රුපියල් කෝටි 400 ක වැට්‌ බදු වංචාවේ ප්‍රධානතම සැකකාරයන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් දැඩි කෝපයට පත් මැලේසියාවේ ශ්‍රී ලාංකික තානාපති කාර්යාලයේ නිලධාරියකු එම මෙහෙයුම දියත් කළ ශ්‍රී ලාංකික හමුදා නිලධාරියාගේ රියෑදුරු සේවයෙන් පහකර ඇත.

මැලේසියානු ජාතිකයකු වූ මෙම රියෑදුරු මැලේසියාවේ සියලු ප්‍රදේශ දන්නා නිසා සැකකරුවන් සිටින සෙන්තුල් ප්‍රදේශය වෙත හමුදා නිලධාරියා ගෙන ගොස්‌ තිබේ.

එහෙත් මිනිසුන්ගෙන් මුදල් ගන්නා බවට බොරු චෝදනා එල්ල කර ඔහු රැකියාවෙන් නෙරපා ඇත.

මහජන මුදල් වැය කරමින් රටවල් 15 ක සංචාරය කර ඇති මෙම තානාපති කාර්යාල නිලධාරියා මැලේසියාවේ සිටින ශ්‍රී ලාංකික වංචනිකයන් බේරා ගැනීමේ අරමුණින් එකී හමුදා නිලධාරියා එළවා දැමීමේ කුමන්ත්‍රණයක්‌ දියත් කර ඇතැයි ක්‌වාලාලම්පූර් නගරයේ සිටින ශ්‍රී ලාංකිකයෝ පවසති.

Share this