සංගාගේ පිත්ත ඩොලර් 8000කටත් මහේලගේ පිත්ත ඩොලර් 6500කටත් විකිණෙයි

ලෝක කුසලාන ශ්‍රී ලංකා කණ්‌ඩායම සහ කළමනාකාරීත්වය පිළිගැනීම වෙනුවෙන් සිඩ්නිහි වෙසෙන ශ්‍රී ලංකා සිඩ්නි ක්‍රිකට්‌ සංගමය විසින් සංවිධානය කරන ලද විශේෂ රාත්‍රි භෝජන සංග්‍රහයක්‌ පෙරේදා රාත්‍රියේදී සිඩ්නි නුවරදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ ක්‍රීඩාවට ආධාර එකතු කිරීමේ අරමුණ පෙරදැරිව සංවිධානය කරන ලද අදාළ උත්සවයේදී කුමාර් සංගක්‌කාරගේ ක්‍රිකට්‌ පිත්ත ඩොලර් 8000 කට සහ මහේල ජයවර්ධනගේ පිත්ත ඩොලර් 6500 කට අළෙවි වූ බව අදාළ සංවිධානයේ සාමාජික මහත්මයකු පැවසීය.

නැටුම් ගැයුම්වලින් විචිත්‍රවත් වූ මෙම උත්සවයේදී මහේල ජයවර්ධන, කුමාර් සංගක්‌කාර, තිලකරත්න ඩිල්ෂාන්, ඇන්ජලෝ මැතිව්ස්‌ සහ ලසිත් මාලිංග වෙනුවෙන් පැමිණ සිටි පිරිසට ප්‍රශ්න ඇසීමේ අවස්‌ථාවක්‌ද හිමිවිය. ශ්‍රී ලංකා කණ්‌ඩායමේ පුහුණුකරුවන් ඇතුළු කළමනාකාරීත්වයද සහභාගි වූ මෙම උත්සවය ඉතාමත් චාම් සහ විචිත්‍රවත් ලෙස සංවිධානය කර තිබිණි.


Share this