අලියෙක්ගෙන් ඉල්ලාගෙන කෑම සහ එකට ආවත් මනුෂ්‍ය ජීවිතයක වටිනාකම නොදැනීම

උඩවලව බැම්ම මත සිට අලීන් නැරඹීමට දෙස් විදෙස් සංචාරකයින් පුරුදුව සිටිනවා. එසේ පැමිණි අයෙක් බිමත්ව අලි වැට ආසන්නයටම ගොස් එහි සිටින අලියෙක්ට උසුළු විසුළු කරමින් සිටි අවස්ථාවේදී අලියාගේ ප්‍රහාරයට ලක් වෙනවා. 

ඔහු මෙසේ අලියා ආසන්නයට යන අවස්ථාවේදී ප්‍රදේශවාසීන් විසින් එතරම් ළඟට නොයන ලෙස දැන්වූවද එය ගණනකට නොගත් ඔහු වැට ළඟටම යනවා. එ‍ම අවස්ථාවේදී අලියා එම පුද්ගලයා වැටෙන් ඇතුළට ඇදගෙන පහරදෙනවා. 


කෙසේ නමුත් 251-4469 දරණ වෑන් රථයෙන් පැමිණි මෙම පුද්ගලයා සම්බන්ධයෙන් එම වෑන් රථයේ සිටි අනෙක් පිරිස කිසිදු අවධානයක් යොමු නොකරයි. 

එම වීඩියෝව පහතින් බලන්න...


Share this