හොඳටම මත් වූ ගුරු උපදේශකවරයෙක් කතකට හෙළුව පෙන්නලා

ලොතරැයි අලෙවි කරමින් සිටි කාන්තාවකට පුරුෂ ලිංගය පෙන්වා ඇයට පහරදීමට උත්සහ කළ බව කියන ගුරු උපදේශකවරයෙකුව පසුගියදා අත්අඩංගුවට ගත් බව පල්ලම පොලීසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පල්ලම පොලිස් වසමේ පොත්තුකුලමේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු ගුරු උපදේශකවරයෙක්ද වනවා. පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගන්නා විට ඔහු අධික ලෙස මත් පැන් පානය කර සිට තිබෙනවා.

තමා පල්ලම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ආසන්නයේ ලොතරැයි අලෙවි කරමින් සිටින විට පැමිණි සැකකරු තමාට පහරදීමට උත්සහ කර පුරුෂ ලිංගය පෙන්වූ බව 42 හැවිරිදි කාන්තාවක් පොලීසියට පැමිණිලි කරමින් පවසා ඇත.

ඒ අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.පල්ලම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

Share this