![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj5tr-g7zE7XRcnkrkHKrRy3mSBy6BuTCepFp5x6IF3EzhpoFoeVRqyc9AwwH1jNF3xki16RjVHVkQ18b97ZcyH1SzuOV54HIKPkZDA5WUDTzGfA_0zVaUFMi_mJmo2q9z0iUxv1mLefV-H/s1600/shashindra-rajapaksa.jpg)
ඌව පළාත් සභාවේ වර්තමාන මහ ඇමති හරින් ප‍්‍රනාන්දු එම තනතුරට පත් කළ ආකාරය නීතිවිරෝධී බව සහ එය ජනතා අභිලාෂයන්ට පටහැනිව සිදුකළ පත්කිරීමක් බව පවසමිනුයි හිටපු මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ අදාළ පෙත්සම ගොනුකර තිබුණේ. එහි වගඋත්තරකරුවන් ලෙස ඌව පළාත් ආණ්ඩුකාරවරයා ඇතුලූ පිරිසක් නම් කර තිබුණා.
ජනාධිපතිවරණයත් සමග පසුගියදා ඇතිවූ බල පෙරළියේදී ඌව පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රීවරුන් පිරිසක් එවකට පළාත් සභාවේ විපක්ෂ නායකව කටයුතු කළ හරීන් ප‍්‍රනාන්දු මහ ඇමති ධුරයට පත් කළ යුතු බවට පවසමින් ආණ්ඩුකාරවරයා වෙත දිවුරුම් ප‍්‍රකාශ ලබාදුන්නා.
මෙම දිවුරුම් ප‍්‍රකාශ ලබාදීමෙන් පසුව පළාත් සභාව තුළ විපක්ෂයේ මන්ත‍්‍රී ආසන සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් ආණ්ඩුකාරවරයා මහ ඇමති ධුරයට හරීන් ප‍්‍රනාන්දු පත් කළා.
හරීන් ප‍්‍රනාන්දු මහතා මහ ඇමතිකමට පත් කරමින් ආණ්ඩුකාරවරයා විසින් නිකුත් කැරුණු ගැසට් නිවේදනය පෙත්සමට අමුණා නොතිබූ හෙයින් පෙත්සම ඉවත දමන බවයි අභියාචනාධිකරණ තීන්දුව මගින් කියැවුණේ.
ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාද අධිකරණයට පැමිණ සිටි අතර පැමිණිල්ලේ නීතිවේදීන් කියා සිටියේ අදාළ පැමිණිල්ල නිසි පරිදි ගොනු කරනු ලැබ තිබුන බවයි.
ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාද අධිකරණයට පැමිණ සිටි අතර පැමිණිල්ලේ නීතිවේදීන් කියා සිටියේ අදාළ පැමිණිල්ල නිසි පරිදි ගොනු කරනු ලැබ තිබුන බවයි.