සෝහා සහ කුනාල්ට සුබ මංගලම්

ශර්මිලා තාගෝර්ගේ බාල දියණිය එහෙත් නැත්නම් චිත්‍රපට නළු සාහිෆ් අලි ඛන්ගේ එකම නැගණිය වන මෝස්තර නිර්මාණ ශිල්පිනී සොහා අලි ඛාන්ගේ  ගේ විවාහ උත්සවය ඉතාමත් චාම් ආකාරයට පවුල් දෙකෙහිම ඥාතීන්ගේ සහ සමීපතම මිතුරන්ගේ පමණක් සහභාගිත්වයෙන් පෞද්ගලික මට්ටමින් පසුගිය 25 වනදා සොහා සහ කුනාල් එකට ජීවත් වන නිවසේදී පැවැත්වුණා.

2014 වසරේ ජුලි මස 04 වැනිදා පැරියේදී කුනාල් විසින් සෝහා වෙත ඉදිරිපත් කළ විවාහ යෝජනාව ඇය විසින් පිළිගැනීමත් සමග පැරිසීයේදීම මේ දෙදෙනා මුදු මාරු කරමින් විවාහ ගිවිස ගත් බව මාධ්‍ය වෙත පසුව දන්වා සිටියා. ඉන්පසුව සොහා සහ කුනාල් ඉන්දියාවේදී එකම නිවසක ජීවත්වීමට පටන් ගත්තා. 
සොහාගේ මෙහෙදි උත්සවයෙන් පසු 23 වනදා පැවැති සංගීත් උත්සවය සඳහා සල්මන් ඛාන්ගේ නැගණිය අර්පතා ඛාන් ශර්මා, සහිෆ් සහ කරීනා, සොහාගේ සමීපතම මිතුරියන් වන නේහා දුපියා, කොන්කොනා සෙන් ශර්මා පැමිණ සිටියා. 

විවාහයට පෙර සොහා සති අන්ත ටැබ්ලොයිඩ්යකට පවසා තිබුණේ ඇය විවාහ උත්සවයට වඩා ගත කළ යුතු විවාහ ජීවිතය පිළිබඳ සිතන බැවින් විවාහය සඳහා ලොකු උත්සවයක් ගැනීමට බලාපොරොත්තු නොවන බවයි. විවාහය සිදු කරන දිනය දෙදෙනාගේ දෙමාපියන් විසින් තීරණය කළ බවත් ඇය විවාහය සඳහා ඇගේ පියාගේ මව විසින් ලබාදුන් සම්ප්‍රදායික ඇඳුමින් සැරසීමට බලාපොරොත්තු නොවන බවත් ඇගේ පෙනුමට ගැලපෙන ඇඳුමකි සැරසෙන බවත් පවසා තිබෙනවා. 

Share this