බොදුබල සේනාවත් එළැඹෙන මහ මැතිවරණයට

එළැඹෙන මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට බොදුබල සංවිධනය තීරණය කර තිබෙනවා.
එම සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් හා ප්‍රධාන විධායක නිලධාරී කථිකාචාර්ය දිලන්ත විතානගේ මහතා ඒ සම්බන්ධයෙන් පසුගියදා මැතිවරණ කොමසාරිස්වරයා සමග සාකච්ඡා කර තිබෙනවා.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසන්නේ මහ මැතිවරණයට ඉදිරිපත් වන ලෙස විවිධ පාර්ශ්වයන්ගෙන් තම සංවිධානයට ආරාධනා රැසක් ලැබී ඇති බවයි.
එම සියලුම ඉල්ලීම සලකා බලා සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් නිවැරදි තීරණයක් ගන්නා බවද පවසන උන්වහන්සේ රාජපක්ෂ ආණ්ඩුව සමයේ මෙරට විපක්ෂයේ කාර්ය භාරය කළේ බොදු බල සේනාව බවද කියා සිටියා.


Share this