නවක වදය නිසා ගෙළ වැළලාගත් තරුණියගේ පෙම්වතා ෆෙස්බුක් වෙත එක්කල සංවේදී සටහන

මම ඔයාට හැමදාමත් ආදරෙයි, මට ඔයාව නැතිවුනා, මතු උපදින ආත්මයේදී අපි නැවත හමුවෙමු

පන්නිපිටියේ පිහිටි නිවසකදී නවක වදය ඉවසාගත නොහැකිව සබරගමුව විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පළමු වසරේ සිසුවියක් පෙරේදා (16) ගෙල වැලලාගෙන මියගොස් ඇති සංවේදී පුවතක් අපි අද උදෑසන ඔබවෙත වාර්තා කලා.

එස්.එස්. අමාලි චතුරිකා නමැති මෙම සරසවි සිසුවිය පන්නිපිටිය, මාඹුල්ගොඩ අංක 114/2 දරන නිවසේ පදිංචිව සිට ඇති අතර ඇය මියයන විට 23වන වියේ පසුවිය. මෙම හදිසි මියයෑම හේතුවෙන් මේ වන විට ඇයගේ පෙම්වතා මෙන්ම මිතුරියන් රැුසක්ද ඉතාමත් කණගාටුවට පත්ව තිබෙනවා.

එමෙන්ම ඇයගේ පෙම්වතා මේ වන විට ඔහුගේ ෆෙස්බුක් ගිණුමේ ඇය හදිසියේම ඔහුව දමා මෙළොවින් සමුගත් නිසාවෙන් ඇයගේ රූපයක්ද සමග ඉතා සංවේදී ලිපියක් පළකර තිබෙනවා.

එහි සඳහන් වන්නේ මම ඔයාට හැමදාමත් ආදරෙයි, මට ඔයාව නැතිවුනා, මතු උපදින ආත්මයේදී අපි නැවත හමුවෙමු, මම මග බලාගෙන ඉන්නවා ආයෙත් ඔයාව මුණගැහෙනකම්, නිවන් සැප ලැබේවා. යනුවෙනුයි.

එමෙන්ම ඇයගේ මිතුරියන්ද ෆෙස්බුක් ඔස්සේ ඇය වෙනුවෙන් ඉතා සංවේදී අදහස් රැසක් පළකර තිබෙනවා. ඒවා‍ පහතින්...





Share this