අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතා විසින් මීට මාස හයකට පමණ පෙර මිලදී ගැනීමෙන් අනතුරුව සිය පෞද්ගලික පාවිච්චියට යොදාගෙන තිබූ මේ ජීප් රථය ඔහුට අහිමි වූයේ පසුගිය ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා ස්ථීර වශයෙන් ජයග්‍රහණය කරන බවට ජනපති සොයුරු ඩඞ්ලි සිරිසේන මහතා සමඟ අල්ලා තිබූ ඔට්ටුවකින් පරාජයට පත්වීම හේතුවෙනි.
ඔට්ටුවෙන් පරාජයට පත් අමාත්‍යවරයා ජීප් රථය තීරු බදු රහිතව වාහන ආනයනය කරවා ගැනීම සඳහා පළාත් සභා මැති ඇමැතිවරුන්ට ලබාදුන් විශේෂ බලපත්‍ර යටතේ මිලදීගෙන මෙරටට ගෙන්වා තිබූ ටොයෝටා ලෑන්ඞ් කෲෂර් 200 වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථයකි. මේ වාහනයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් ලක්ෂ පන්සිය හැත්තෑ පහක් වන අතර එහි තීරු බදු රහිත මිල රුපියල් ලක්ෂ දෙසීය පනහක් පමණ වෙයි.
මේ පිළිබඳ කළ විමසීමකදී තමන් එවැනි ඔට්ටුවකින් පරාජයට පත්වූ බවත්, පොරොන්දුවට අනුව අදාළ වාහනය පෙරේදා (11දා) ඩඩ්ලි සිරිසේන මහතා වෙත භාරදීමට කටයුතු කළ බවත් අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතා පැවැසීය.
මට මේ ගැන කනගාටුවක් හෝ දුකක් නෑ. මම සල්ලි තණ්හාවට නොවෙයි මේ වාහනේ ඔට්ටු ඇල්ලූවේ. මේක මට සල්ලි තියෙනවට අල්ලපු ඔට්ටුවකුත් නෙවෙයි. රජයෙන් දීපු පර්මිට් එකෙන් ගත්තු වාහනේ තමයි මම ඩඩ්ලි සිරිසේන මහතා එක්ක ඔට්ටු ඇල්ලූවේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ජයග්‍රහණය ගැන මට ඒ තරම් විශ්වාසයක් තිබුණා.
යාන වාහන, ගේ දොර, ඉඩකඩම්, විතරක් නෙවෙයි මගේ ජීවිතේ වුණත් මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් අදටත් මම කැපකරන්න ලෑස්තියි. මේ රට බේරාගත්තු ජනාධිපති ජනාධිපතිවරණයෙන් පැරැදුණා නම්, මේ යකඩ ගොඩක් නැති වුණා කියලා මට අමුතු දුකක් නෑ යැයි හෙතෙම වැඩිදුරටත් පැවැසීය.
සනත් නිශාන්ත මහතා සිය ඔට්ටුව අල්ලන බව ඔහුගේ ෆේස්බුක් පිටුවේ සටහන් කර තිබුණේ මේ ආකාරයෙනි.