ඌව පළාත් සභාවේ බහුතර බලය එක්සත් ජාතික පක්ෂයට ඇති බව පවසමින් ඒ අනුව ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස හරින් ප්‍රනාන්දු මහතා පත්කරන්නැයි මන්ත්‍රීවරුන් 17 දෙනෙකුගේ දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කරමින් ඌව පළාත් සභාවේ විපක්ෂනායක හරීන් ප්‍රනාන්දු මහතා, එක්සත් ජාතික පක්ෂයේ මන්තී්රිවරු 11 දෙනෙක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රි වඩිවෙල් සුරේෂ් යන මහත්වරු ඌව ආණ්ඩුකාර සී. නන්ද මැතිව් මහතාගෙන් ඉල්ලා සිටියා.
ඊට පැය බාගයකට පමණ පසු ඌව ආණ්ඩුකාරතුමා හමුවු මන්ත්‍රි ජානක තිස්සකුට්ටි ආරච්චි මන්ත්‍රිවරයා තමා දුන් දිවුරුමි ප්‍රකාශය තහවුරු කළේය . ඔහු එක්සත් ජාතික පක්ෂයේ මොණරාගල දිස්ත්‍රික්කයේන් පළාත් සභාව තේරිපත්වූ මන්ත්‍රිවරයෙක් වන අතර ජනාධිපතිවරණයට දින කීපයක් තිබියදි ඔහු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය පල කිරිමට කටයුතු කළේය. එහෙත් ඔහු පැවසුවේ තමා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්නොවූ බවයි.
යළි පැත්ත මාරුකිරිම ගැන මාධ්‍යවලට අදහස් දක්වමින් ඔහු පැවසුවේ තමාගේ කලණ මිතුරා වන හරීන් ප්‍රනාන්දු මහතා මහ ඇමති වනු දැකීමට ඇති දැඩි ආශාව හා මුළු රටම මෛත්‍රී පාලනය අනුමත කිරිම නිසා මෙම තිරණය ගත්බවයි.
මාධ්‍යවේදින් වෙත අදහස් දැක්වු ඌව පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි රවීන්ද්‍ර සමරවීර මහතා පැවසුවේ, එක්සත් ජාතික පක්ෂයත් මේ තාක්කල් ආණ්ඩු පක්ෂයට සහායදුන් මන්ත්‍රිවරු 5 දෙනෙකුත් ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස හරින් ප්‍රනාන්දු මහතා පත්කිරිමට සහාය පලකරමින් දිවුරුමි ප්‍රකාශ ඉදිරිපත්කල බවයි. දින කීපයක් තුල ප්‍රධාන අමාත්‍යවරයා ලෙස හරීන් ප්‍රනාන්දු මහතා දිවුරුම් දෙන බවත් ඉන්පුස අමාත්‍ය මණ්ඩලය පත්කර ඌවේ සංවර්ධන කටයුතු අරඹන බවත් හෙතෙම සදහන් කළේය.
විපක්ෂ නායක හරින් ප්‍රනාන්දු මහතා අදහස් දක්වමින් පැවසුවේ මේ අවස්ථාව වෙනකොට ඌව පළාත් සභාවේ මන්ත්‍රී ධුර 34 න් 17දෙනේක්ගේ සහයෝගය එක්සත් ජාතික පක්ෂයට ලැබි ඇති අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඇත්තේ මන්ත්‍රී ධූර 15 ක් පමණක් බවයි.
ඌව ආණ්ඩුකාර සී.නන්ද මැතීව් මහතාගෙන් කරන ලද විමසීමකදී මෙසේ පැවසීය.
හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් 17 දෙනෙක් දිව්රුම් පෙත්සම් අද භාරදීලා තියෙනවා. තව 04 දෙනෙක් හෙට උදේ ඇවිත් මාව මුණ ගැසෙනවා. දැන් ඇවිත් ඉන්න අය සමග සම්පූර්ණයෙන් කතා කරලා කැමැත්ත මත මෙය අත්සන් කරලා තියෙන්නේ කියලා මට ඔප්පු කරලා පෙන්වලා තියෙනවා. ඒ අතර හෙට අනෙක් පිරිස ආවට පස්සේ ඒ මතය එහෙම නම් මට පිළිගන්න වෙනවා.
මගේ පරම යුතුකම, මේ වගේ කණ්ඩායමක් ඇවිත් මාව මුණගැහුණා කියලා දැනට ඉන්න ප්‍රධාන අමාත්‍යතුමාට දන්වන එක. ඔබතුමාට මීට වැඩිපිරිසක් ඉදිරිපත් කරන්න පුළුවන්ද කියලා කියන එක. එහෙම බැරිවුණොත් මේ අය දීපු දිවුරුම් පෙත්සම් භාර අරගෙන ඉදිරි කටයුතු කරන්න සිද්ධ වෙනවා.’’යැයිද ආණ්ඩුකාරවයා පැවසීය
ඌව පළාත් සභාවේ මන්ත්‍රීධූර සංඛ්‍යාව 34 කි. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 13 ක් වන අතර එක්සත් ජනතා නිදහස් සංධානයේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 19 කි. ජනතා විමක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 02 කි.