අතිගරු, අතිඋතුම්, ශ්‍රීමත්, ජනාධිපති උතුමාණන් වදන් එපා

අතිගරු, අතිඋතුම්, ශ්‍රීමත්, ජනාධිපති උතුමාණන් වැනි විශේෂණ පද තමන් හැඳින්වීමට යොදා නොගන්නා මෙන් රජයේ නිලධාරීන්ට සහ මහජනතාවට නිල වශයෙන් දැනුම් දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පැවසුවා. ඒ මහතා මෙම අදහස් පළ කළේ ජනාධිපතිධුරය ලබාගැනීමෙන් පසුව පළමුවරට රූපවාහිනි හා ගුවන් විදුලි වැඩසටහනකට සහභාගිවෙමිනි.  එසේම තමාගේ බිරිඳ හැඳින්වීමට ආර්යාව  යන වචනය භාවිතා නොකරණ ලෙසත් මැතිනිය යන වදනින් ආමන්ත්‍රණය කිරීම ප්‍රමාණවත් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් පැවසුවේය. 


Share this