දමිතා මවක් වෙයි

දමිතා අබේරත්න හුඟක් වේලාවට සිනමාව ඔස්සේ අපිට දකින්නට ලැබුණේ පෙම්වතියගේ චරිතයෙන් එහෙමත් නැත්නම් පරිණත ගැහැනියකගේ චරිතයෙන්. හා හා පුරා කියලා සිනමාවේදී මවකගේ චරිතයෙන් ඇය ප්‍රේක්ෂකයන් හමුවට එන්නට සූදානම් වෙන පුවතක් අපිට දැනගන්නට ලැබුණා.

“මම මෙතෙක් සිනමාවේ නිරූපණය කළ චරිතයකට වඩා හාත්පසින්ම වෙනස් ආකාරයක චරිතයක් තමයි මම රංගනයෙන් දායක වීමට නියමිත නවතම චිත්‍රපටයේ රඟ දක්වන්නේ. කටකාර, සැරපරුෂ, කොණ්ඩයක් දමාගත්, බාච්චු ගවුමකින් සැරසුණු මවකගේ චරිතය තමයි මම රඟපාන්නේ. මගේ පුතා ලෙස රඟපාන්නේ රොෂාන් රණවනයි. මෙය මෙතෙක් සිනමාවේදී මා ලැබු අත්දැකීම් අතරට නැවුම් ආකාරයක අත්දැකීමක් එක්කරාවි යැයි මම සිතනවා. මේ දිනවල මම ඒ චරිතය සඳහා අවශ්‍ය අධ්‍යයන කටයුතු කරනවා.”

Share this