කැතී පෙරීගේ සරාගී නත්තල (Photo)

ජනප‍්‍රියත්වයෙන් ඉදිරියෙන්ම සිටින කැතී පෙරීට මෙවර නත්තල් සමයේ ලැබී ඇති ප‍්‍රසංග ප‍්‍රමාණය ඉතා ඉහල ගොස් තිබේ. ඇයට ලැබී ඇති ප‍්‍රසංග ප‍්‍රමාණයෙන් වැඩිකොටසක් ඇය ප‍්‍රතික්ෂේප කොට ඇත. 

නමුත් පසුගිය 23 වැනිදා නිව්යෝර්ක් හී පැවති ගුවන් විදුලි වැඩසටහනක් වෙනුවෙන් කල ප‍්‍රසංගයක් සදහා ඇය සහභාගී වී තිබුණි. ඒ සදහා ඇයටම ආවේණික ලෙස නිර්මාණය කර තිබූ ඇදුමක් ඇද තිබූ අතර ඒ සදහා විදෙස් මාධ්‍ය වල වැඩි අවධානය යොමුවී තිබුණු බව අන්තර්ජාල පුවත් අඩවි වාර්තා කරනවා. 

කෙසේ නමුත් මෙම වර්ෂය අවසාන වන විට ඇයට ලැබී තිබෙන ප‍්‍රසංග සංඛ්‍යාව 15 කට අධික බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.











Share this