මෛත්‍රීට සහය දෙන දිල්හානි ප්‍රධාන චරිතය රඟන දේවිය සුගලා ITN එකෙන් ගැලවේ

රජයට අයත් ස්වාධින රුපවාහිනිය (අයි.ටි.එන්.) මගින් විකාශය කිරිමට අනුමැතිය ලබාදී තිබු ‘දේවිය සුගලා‘ නමැති ටෙලි නාට්‍යට විකාශය නොකිරීමට  එහි පාලනාධිකාරිය තීරණය කර ඇතැයි වාර්තාවේ.

කැලූ‍ම් පාලිත මහිරත්න විසින් අධ්‍යක්ෂණය කල එම නාට්‍ය ඉදිරි සතියේ සිට විකාශය කිරීමට සියලූ‍ කටයුතු යොදා තිබී ඇත.ජනාධිපති පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීමට ඉදිරිපත් වූ ප‍්‍රවීණ රංගන ශිල්පිණි දිල්හානි අශෝකමාලා ඒකනායක එම නාට්‍යයේ ප‍්‍රධාන චරිතය නිරුපනය කිරීම මෙම වාරණය හේතුවී ඇති බවද පැවසේ.

"ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා කළාකරුවන්" සංවිධානයේ මාධ්‍ය හමුවක් පසුගිය 16දා කොට්ටේ සෝලිස් උත්සව ශාලාවේදී පැවැති අතර, එහිදී අදහස් දැක්වූ දිල්හානි ඒකනායක ඉදිරි ජනපතිවරණයේදී සිය සහය විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත ලබාදෙන බව ප‍්‍රකාශ කළාය.






Share this