STF මෙහෙයුමට ආමි සම්පත් කොටු
මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන පෙළේ පාතලල සාමාජිකයකු වන චාමර සම්පත් නොහොත් ආමි සම්පත් පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඊයේ (14) පෙරවරුවේ කොළඹ නවලෝක රෝහලේ ආපන ශාලාව තුලදීයි. ඊයේ පෙරවරුවේ සිය බිරිඳ සමග නවලෝක රෝහලට ගොස් ඇති බවට පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණු තොරතුක් මත මෙම වැටලීම සිදු කර අදාළ සැකකරු, බිරිය සහ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගැනීමෙන් පසුව ආමි සම්පත්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් හෙළි වූ කරුණු අනුව ජාඇල ප්‍රදේශයේ ඔවුන්ට අයත් නිවසක මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක් ඇතැයි පොලිස් විශේෂ කාර්ය බලාකය අනාවරණ කරගෙන තිබෙනවා. පසුව අදාළ නිවස පරීක්ෂාවට ලක්කිරීමෙන් අනතුරුව එහි ඇඳුම් කබඩයක තිබී ජීව උණ්ඩ පිරවූ මැගසිනයක් සමග 9mm පිස්තෝලයක් සොයාගෙන තිබෙනවා. ආමි සම්පත් පවසා ඇත්තේ එය සංඛ නමත්තෙකුට අයත් වූවක් බවයි.
එසේම පසුගිය මාර්තු මස 2 වනදා දෙමටගොඩ චමින්ද ඇතුළු පිරිසක් බන්ධනාගාර බස් රථයෙන් රැගෙන එමින් සිටියදී වෙඩි තැබීම සම්බන්ධයෙන් ආමි සම්පත් පොලීසියට අවශ්‍යව සිට තිබෙනවා. එසේම බ්ලුමැන්ඩල් ප්‍රදේශයේ වෙඩි තැබීම් ඇතුළු තවත් සිද්ධීන් කිහිපයකට ආමි සම්පත් නමැත්තා සම්බන්ධ බවට චෝදනා එල්ල වී තිබෙනවා.