ලොව වයස්ගතම කාන්තාව මියයයි
ලොව වයස්ගතම කාන්තාව ලෙස සැලකුනු නිව්යෝර්ක් හි ජීවත්ව සිටි සුසානා මුෂත් ජෝන්ස් නම් කාන්තාව මියගොස් තිබෙනවා. ඇය 1899දී ඇලබාමා හිදී උපත ලබා ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. මියයන විට ඇය 116 වන වියේ පසු වූවා.
මේ අතර ජෝන්ස්ට වඩා මාස කිහිපයක් පමණක් වයසින් අඩු වූ ඉතාලි ජාතික එමා මොරානෝ සුසානාගේ අභාවයත් සමග ලොව සිටින වයස්ගතම කාන්තාව ලෙසට පත්ව සිටිනවා. එසේම දැනට ලොව සිටින 19 වන සියවසේ උපන් එකම තැනැත්තියද ඇය වනවා.