පියුමිගේ ඡායාරූප හුටපටය CIDයටත් යයි
======================================
පියුමි හංසමාලි පසුගිය දිනවල ගොසිප් වෙබ් අඩවිවල මෙන්ම ෆේස්බුක් සමාජ ජාලයේද නවතම පුවත් මවන්නියක් ලෙස ජනප්‍රියත්වයට පත් වුණා. ඒ කිසියම් අයෙක් හෝ පිරිසක් විසින් ඇයගේ යැයි පැවසෙන ඡායාරූප පෙළක් අන්තර්ජාලයට යොමු කිරීම සහ ඇයගේ හිටපු පෙම්වතා සමග වන ඡායාරූපයක් අන්තර්ජාලයට යොමු කිරීම හේතුවෙන්. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු සඳහා පියුමි මේ වන විට සියලුම තොරතුරු රහස් පොලීසියට භාරදී තිබෙනවා. සතිඅන්ත පුවත්පතකට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී ඇය පවසා ඇත්තේ ඇය ළඟින්ම සිට ඇයත් සමග අමනාප වූ කිසියම් අයෙක් හෝ පිරිසක් විසින් මෙම නොහොබිනා වැඩේ කරන බවත් මේ සම්බන්ධයෙන් ගත හැකි උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඇය පවසනවා.
එම ඡායාරූප සම්බන්ධයෙන් අදහස් දක්වන පියුමි පවසන්නේ හිටපු පෙම්වතා සමග සිටින ඡායාරූපය සත්‍ය එකක් වුවත් අනෙක් සියලුම ඡායාරූම සංස්කරණය කරන ලද ඒවා බවයි.
එසේම මෙම ක්‍රියාවේ නිරත වන්නේ කවුරුන්ද යන්න හෙළි කරන බවත් අනිවාර්යයෙන්ම ඔවුන් මාධ්‍ය ඉදිරියට ගෙන එන බවත් පියුමි පවසනවා. මෙවැනි ජරා වැඩ කරන පුද්ගලයන් කවුරුන්ද යන්න රටම දැනගත යුතු බවයි ඇය පවසන්නේ. එසේම ඉදිරියේදී තමාට මීට වඩා මඩ ප්‍රහාරයන් එල්ල විය හැකි බවත් එහෙත් ඒ කිසිවකින් තමන් නොසැලෙන බවත් එවැනි මඩ ප්‍රහාරවලින් තව තවත් ශක්තිමත් වීම පමණක් සිදුවන බවත් ඇය කියා සිටිනවා.
අවසන් වශයෙන් ඇය පැවසුවේ මෙවැනි ක්‍රියාවලින් පියුමු වට්ටන්නත් බෑ... වැටෙන්නෙත් නෑ කියලා තමයි... කෙසේ වෙතත් මෙවැනි නොහොබිනා කර්තව්‍යයන්හි නිරත වන්නේ කවුරුන්ද යන්න පියුමි හෙළි කරන තුරු අපද අවධානයෙන් සිටින්නෙමු.