Buddhist-archaeological-exploration-movie

පුරාවිද්‍යා බෞද්ධ ගවේෂණයට සිනමා පටයක් 
==============================
පුරා විදයා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන්ගේ අධීක්ෂණයෙන් සහ උපදේශකත්වයෙන් කොළොන්නාව රජමහා විහාරාධිපති පූජ්‍ය කොළොන්නාවේ ධම්මික හිමිගේ අර්ථපතීත්වයෙන් නිර්මාණය කරනු ලබන පුරා විද්‍යා බෞද්ධ චිත්‍රපට අධ්‍යයක්ෂණය කරනු ලබන්නේ සනත් අබේසේකර විසිනි. 
මෙම චිත්‍රපටයට ජීවන් කුමාරතුංග, ගීතා කුමාරසිංහ, පාලිත සිල්වා, නදීක ගුණසේකර, සංගීත වීරරත්න, දිල්හානි ඒකනායක, ජී.ආර්. පෙරේරා, කුසුම් මල්දෙණිය, ගයේෂා පෙරේරා, ශශිලා පෙරේරා, රිෂ්ශාන් පතිරණ. මධුනාමලී, අනුර ප්‍රියන්ත, ළමා නිළි සවනි මල්ෂානි ඇතුළු ජනප්‍රිය ප්‍රවීණ රංගන ශිල්ප ශිල්පිනියන් රැසක් රංගනයෙන් දායක වනවා. මෙහි කැමරා අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන්නේ චන්දන ජයසිංහ විසිනි. 
ප්‍රසන්න ඉත්තෑපාන ප්‍රධාන සහය අධ්‍යක්ෂනයෙන්ද සුනෙත් නන්දලාල් කලා අධ්‍යක්ෂණයෙන්ද දායක වනවා. සමීර මධදු කිදෙල්පිටිය අංගරචනයෙන්ද දායක වන මෙම බෞද්ධ චිත්‍රපටය සංස්කර අධීක්ෂණය කරනු ලබන්නේ රවීන්ද්‍ර ගුරුගේ මහතා විසිනි. සංස්කරණය අජිත් රාමනායක විසින්ද සංගීත රංග දසනායක විසින්ද වර්ණ සංයෝජනය දිනිඳු ජාගොඩ විසින්ද සිදු කිරීමට නියමිතයි.  දෙවන සහය අධ්‍යක්ෂණය ගයාන් බුද්ධික සහ ජානක අදාසුරියගෙනි. 


ඡායාරූප මහේෂ් නිශාන්ත

http://photo.sirasagossip.com/2016/03/buddhist-film-pinwadana-punya-bumi.html

Share this