Indonesia earthquake off Sumatra measures 7.8

රික්ටර් මාපක 7.9ක ප්‍රබල භූ කම්පනයක් 

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආසන්නයේ රිච්ටර් මාපකයේ 7.9 ක භූකම්පනයක් ඇතිව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

‍මේ හේතුවෙන් සුමාත්‍රා දූපත් අවට ප්‍රදේශයට සුනාමි අනතුරු සංඥා නිකුත් කර තිබෙනවා.

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත්හි නිරිත ප්‍රදේශයට ආසන්නයෙන් මෙම භූකම්පනය ඇතිවී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

භූකම්පනයෙන් ඇතිවූ හානිය සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැත. 

මෙම භූකම්පනය හේතුවෙන් ඉන්දියාවේ සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති අතර ඉන්දියාවට එයින් බලපෑමක් ඇති නොවන බවද ඉන්දියාවේ හයිද්‍රාබාද් හි සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසනවා. 

ඉන්දුනීසියාවේ බටහිර මුහුදු තීරයේ මෙම භූමිකම්පාව ඇතිවී තිබෙන බව වාර්තාවෙයි.

 මේ සම්බන්ධයෙන් දැනට ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව ආපදා කළමානකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවයි.

Share this