ඉන්දීය මවකට දාව දුර්ලභ දරු උපතක්

ඉන්දියාවේ අම්රිට්සාර්හි (Amritsar) මවකට ප්ලාස්ටික් බෝනික්කෙකුගේ ස්වරූපය ගත් බිළිඳියක ඉපදී තිබේ. බැලූ බැල්මට ඇයගේ සම රබර්වලින් සෑදි ඇති ආකාරයක් දිස්වන අතර උරඟයෙකුගේ සිරුරේ කොරපොතු පිහිටන ආකාරයෙන් ඇයගේ සමේ ද පිහිටා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන් ය. මෙම තත්ත්වය ලක්ෂ 6කට එක් බිළිඳෙක්ට වැළඳීමේ අවදානම තිබේ. විද්‍යාත්මක ව මෙවන් දරුවන් හඳුන්වන නාමය වන්නේ, කලෝඩියන් බිළිඳුන් (collodion babies) යන්න ය. ඇයගේ මුහුණ මාළුවෙකුගේ ස්වරූපයෙන් දිස්වෙන අතර ඇයගේ තොල් හා ඇස් රත් පැහැයෙන් යුක්ත ය.

ස්පර්ශ කිරීමේදී එම බිළිඳිය නොනවත්වා අඬන අතර එම තත්ත්වය මත ඇයට මව් කිරි ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව එරට වෛද්‍යවරුන් පවසා තිබේ. වෛද්‍යවරුන් පවසා ඇත්තේ, ජාන විකෘතිතාවය මත මෙවන් උපතක් සිදු වී ඇති බව ය. මෙම තත්ත්වය එවන් ආකාරයෙන් දරු උපතක් සිදු වී දින 15- 30 ත් අතරතුර ස්වාභාවිකව සාමාන්‍ය තත්ත්වයට හැඩගැසෙන බව ද වෛද්‍යවරුන් සඳහන් කර තිබේ.

බිළිඳියට ඇසිපිය ගැසීමට නොහැකි තත්ත්වය නිසා මෙම කාලය තුළතදී දැරියට ඉතාමත් වේදනාකරි අවස්ථාවට මුහුණ දීමට සිදුවන බව ද එරට වෛද්‍යවරුන් අවධාරණය කර ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මීට පෙර 2014 වර්ෂයේ ඉන්දියාවේ අම්රිට්සර්(Amritsar) ප්‍රදේශයේ ම මෙවන් තතත්වයකට මුහුණ පෑ බිළිඳියක ඉපදී ඇති අතර දින 3ක් ගතවීමට පෙර එම බිළිඳිය ජීවිතක්ෂයට පත් වී තිබේ.


Share this