පවුම් මිලියන 5කට අවුරු 15කට විකිණුන කාම නිළිය

කාමෝද්දීපන චිත්‍රපට නිළියක් වසර පහළොවක කාලයක් සඳහා මුදල් ගෙවා ලබා ගැනීමේ පුවතක් චීනයෙන් වාර්තා වනවා. ජපන් ජාතික කාමෝද්දීපන නිළියක් වන 22 හැවිරිදි රෝලා මිසාකි නමැති නිළිය මෙලෙස විකිණි තිබෙනවා. රුසියානු සහ ජපන් ජාතික මව්පියන් යුවලකට දාව උපත ලද රෝලාගේ මව් රට ජපානය වුවත් ඇයගේ කමෝද්දීපන රංගනයන් වඩාත් ජනප්‍රියත්වට පත්ව ඇත්තේ චීනයේයි. එම නිසා ඇයගේ රසිකයන් බහුතරයක් සිටිනුයේ චීනයේය. 

කෙසේ වෙතත් පසුගියදා  පවුම් මිලියන 5ක් වැනි මුදලකට වසර 15ක කාලයක් සඳහා චින ජාතික කෝටිපති ව්‍යාපාරිකයකු විසින් ඇයව මිලදී ගෙන තිබෙනවා. මෙම ව්‍යාපාරිකයා අනන්‍යතාවය හෙළි කර නොමැති අතර ව්‍යාපාරිකයාගේ ප්‍රියතම ප්‍රෝන් ස්ටාර් වන්නේ රෝලා බවයි පවසා තිබෙන්නේ. රෝලා සහ ඇගේ නවතම හිමිකරු විසින් චීනයේ බීජිං නුවරදී මාධ්‍ය හමුවේ පෙනී සිටියා. එහෙත් අදාළ ව්‍යාපාරිකයා වෙස් මුහුණක් පැළැඳ සිටීම නිසා කවුරුන්ද යන්න හඳුනා ගැනීමට නොහැකි බවයි මාධ්‍ය වාර්තා පවසන්නේ. 


රෝලා සමග සිදු කළ මෙම ගනුදෙනුවත් සමග ඉදිරි වසර 15ක කාලය තුළදී රෝලා කාම චිත්‍රපටවලින් දැකිය නොහැකි බවයි වාර්තා වන්නේ. එම නිසා ඇයගේ කාම චිත්‍රපට නැරඹූ චීන රසිකයන් මෙන්ම සමස්ත රසිකයන් මේ වන විට දැඩි කනස්සල්ලකින් පසු වන බවයි ජපන් මාධ්‍ය පවසන්නේ. 

















Share this