නව ඇමැතිවරු නිසා ඇමැතිවරුන් අට දෙනකුට විෂයයන් අහිමිවේ

නව කැබිනට්‌ ඇමැතිවරු දිවුරුම් දීමත් සමග ඇමැතිවරුන් අට දෙනකුට අයත්ව තිබූ විෂයයන් කිහිපයක්‌ ඔවුන්ට අහිමි වී තිබෙනවා.

ඇමැති ජෝන් අමරතුංග මහතාට අයත්ව තිබූ ආපදා කළමනාකරණ විෂය පථය ඒ. එච්. එම්. ෆවුසි මහතාටත්, ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතාට අයත්ව තිබූ කම්කරු විෂය පථය එස්‌. බී. නාවින්න මහතාටත්, ඇමැති කබීර් හෂීම් මහතාට අයත්ව තිබූ උසස්‌ අධ්‍යාපන විෂය පථය ආචාර්ය සරත් අමුණුගම මහතාටත්, ඇමැති කරු ජයසූරිය මහතාට අයත්ව තිබූ පළාත් සභා විෂය පථය ජනක බණ්‌ඩාර තෙන්නකෝන් මහතාටත් හිමිව තිබෙනවා.


ඇමැති ගයන්ත කරුණාතිලක මහතාට අයත්ව තිබූ පාර්ලිමේන්තු කටයුතු විෂය පථය මහින්ද යාපා අබේවර්ධන මහතාටත්, ඇමැති අර්ජුන රණතුංග මහතාට අයත්ව තිබූ ගුවන් සේවා විෂය පථය රෙජිනෝල්ඩ් කුරේ මහතාටත්, ඇමැති දුමින්ද දිසානායක මහතාට අයත්ව තිබූ වාරිමාර්ග විෂය පථය විජිත් විජයමුණි සොයිසා මහතාටත්, ඇමැති ජෝශප් මයිකල් පෙරේරා මහතාට අයත්ව තිබූ ධීවර විෂය පථය මහින්ද අමරවීර මහතාටත් ලබාදීතිබෙනවා. 

Share this