සජින් වාසුත් ඇතුළට

ජනාධිපති ලේකම් කාර්යාලය සතු වාහන අයථා ලෙස භාවිතා කළැයි චෝදනාව මත හිටපු ජනපතිගේ ප්‍රබල ආධාකරුවෙකු මෙන්ම  විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී වූ සජින් ද වාස් ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෙතෙම අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ කාරණය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා සජින් ද වාස් ගුණවර්ධන මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙසට දැනුම්දී තිබුණි.

Share this