නවසීලන්ත ඉතිහාසයේ ඔවුන් ලෝක කුසලාන තරගාවලියක අවසන් මහ තරගයක් සඳහා සදුසුකම් ලබා ගත්තේ ප‍්‍රථම අවස්තාවටයි.ඩක්වර්ත් ලූවිස් න්‍යායට අනුව පන්දුවාර 43කදී නවසීලන්ත කණ්ඩායමට ලකුණු 298ක ඉලක්කයක් හිමිවිය. එය එක් පන්දුවක් පමණක් ඉතිරිව තිබියදි පසුකර යාමට නවසීලන්ත පිතිකරුවෝ සමත්වූහ.
නවසීලන්ත කණ්ඩායම ජයග‍්‍රහණය සඳහා රැගෙන ගිය ග‍්‍රාන්ට් එලියට් නොදැවී ලකුණු 84ක් රැස්කළේය. දකුණු අප‍්‍රිකා කණ්ඩායමක්ද මේ දක්වා ලෝක කුසලාන තරගාවලියකදී අවසන් මහ තරගයක් සඳහා සුදුසුකම් ලබා නොමැත.
කවදත් දකුණු අප‍්‍රිකා කණ්ඩායම වටා තිබෙන ලෝක කුසලාන අවාසනාව මේ තරගයේදී පැවැති අතර ඔවුන්ට පහසු දුවද්දී දැවී යාම් දෙකක් යථාර්ථයක් කර ගැනීමට නොහැකිවිය.
