Mar252015

ඇල්ප්ස් කඳු වැටියේ ගැටී ජර්මන් ගුවන් යානයක් කඩා වැටෙයි - 148ක් මරුට

මඟීන් 142 දෙනකු සහ කාර්ය මණ්ඩලයේ 6 දෙනකු රැගෙන බාසිලෝනා සිට ඩසල්ඩොෆ් වෙත පියාසර කරමින් තිබූ ජර්මනියේ ජර්මන් වින්ග්ස් ගුවන් සේවයට අයත් එයාර් බස් 320 ගුවන් යානයක් ඇල්ප්ස් කඳුවැටියේ ගැටී කඩා වැටී තිබේ.

බාසිලෝනා සහ ප‍්‍රංශයේ ඩිග්නේ අතර ප‍්‍රදේශයකදී මේ අනතුර වී ඇතැයි ප‍්‍රංශ ගුවන් සේවා බලධාරීන් සඳහන් කරන බව එරට පොලිසිය පවසයි.මෙය ගුවන් යානයට හිමිකම් දක්වන ජර්මන් වින්ග්ස් ගුවන් සේවය එරට නිල ගුවන් සේවය වන ලූ‍ෆ්තන්සාහි අඩු මිල ගුවන් සේවය වේ. 

එයාර් බස් සහ ජර්මන් වින්ග්ස් සමාගම් මේ ගැන තමන්ට වාර්තා වී ඇතැයි එම සමාගම විසින් තහවුරු කොට නොතිබුණි. මේ ගැන ප‍්‍රකාශයක් කළ එරට ජනාධිපති ෆ‍්‍රැන්සිස් හොලන්ඬේ පැවැසුවේ අනතුරේ තත්ත්වය ගැන තවම නිශ්චිත තොරතුරු නැති නමුත් එයින් දිවි ගලවාගත් කෙනකු සිටිතැයි විශ්වාස කිරීම අසීරු බවයි.

මේ අනතුර ඛේදවාචකයක් ලෙස නම් කළ ඔහු විපතට පත් අය වෙනුවෙන් තම ශෝකය ප‍්‍රකාශ කළේය. අනතුර සිදුව ඇති ස්ථානයට ළඟාවීම දුෂ්කර බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් කීවේය. ප‍්‍රංශ අගමැති මැනුවෙල් වෝල්ස් හෙළි කළේ අභ්‍යන්තර කටයුතු ඇමැති බර්නාඞ් කැසෙනෙව් වහාම සිද්ධිය වූ ස්ථානයට පිටත් කළ බවයි. සම්බන්ධීකරණ කටයුතු මේ වන විටත් සිදු කරමින් පවතින බවද ඔහු වැඩිදුරටත් කීවේය.














Share this

More Gossip News