රත්ගම ප‍්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් පුෂ්පකුමාර මෙන්ඩිස් ඝාතනය කරන්නට ඇත්තේ පිස්තෝලයකින් බවත් සමීපයේ සිට වෙඩි තබන්නට ඇති බවත් පොලිසිය කියයි. සිය මිතුරන් පිරිසක් සමග සභාපති හික්කඩුවේ හෝටලයක සිටිය දී සිවුදෙනකු එහි පැමිණ ඇති බව ද ඔවුන්ගෙන් කෙනෙකු වෙඩි තබන්නට ඇති බව ද පොලිසිය සැකපළ කරයි.
හික්කඩුවේ මෙම ලයන්ස් පැරඩයිස් හෝටලයේ ඩිස්කෝ නැටුම්හළේ පාලක මිය ගිය රත්ගම ප‍්‍රාදේශීය සභා සභාපති බවද හෝටල ආරංචි සඳහන් කර ඇත. ඝාතකයන් ද ඔහු සමග එකම මේසයේ සිටි බවත්, වෙඩි වැදීමෙන් පසු සිව් දෙනකු පැණ ගිය බවත් පොලිසිය පවසා ඇත.
මනෝජ් මෙන්ඩිස් මැරීවැටී සිටි ස්ථානයේ හිස් පතුරොම් කොපු හයක් තිබූ බව ද පොලිය කියයි. ගාල්ල මහේස්ත‍්‍රාත්වරයා හදිසි මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය. සැකකරුවන් කිසිවකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.
මේ අතර රත්ගම ප‍්‍රාදේශීය සභා සභාපති මනෝජ් පුෂ්පකුමාර මෙන්ඩිස්ට වෙඩි තැබීමට ආ කණ්ඩායමේ කෙනකුට බෝතල් ප‍්‍රහාරයක් එල්ල වී ලේ ගලන තුවාල සහිතව ඔහු ගෙන ගොස් ඇතැයි පොලිසියට තොරතුරු ලැබී ඇතැයි වාර්තා වේ.
වෙඩි වැදුණු තවත් දෙදෙනකුගෙන් බරපතල තත්ත්වයේ සිටි පුද්ගලයකු වැඩිදුර ප‍්‍රතිකාර සඳහා කොළඹයට යවා ඇති බවත් සඳහන්. වෙඩි තබන අවස්ථාවේ හෝටලයේ විශාල පිරිසක් සිටියත් සිද්ධිය ගැන පොලිසියට මෙතෙක් තොරතුරු ලැබී ඇත්තේ විදේශිකයකුගෙන් පමණක් බව ද වාර්තා වේ.