Mar252015

ආයේ ගුටි කන්න මට පුලූවන් - අනිවාර්යෙන්ම දේශපාලනයට එනවා [වීඩියෝ සහිතයි]

අධිකරණයෙන් එළියට ආව මාලක සිල්වා කියපු කතාව
මට ප‍්‍රශ්න වෙලා තියෙන්නේ නයිට් ක්ලබ් වලදි විතරයි
සුද්දා ගහලා නහය කැඩුණු හැටිත් පෙන්නලා


කොළඹ රාත‍‍්‍රි සමාජශාලාවකදී බි‍්‍රතාන්‍ය ජාතික යුවලකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවට පෙනී සිටීම සඳහා හිටපු අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා ඊයේ (24) කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියා. එහිදී නඩුව මේ මස 27 වැනිදා යළි කැඳවීමට තීරණය කර තිබෙනවා.

අධිකරණයෙන් පිටව යන මොහොතේ මාධ්‍යවේදීන් මාලක සිල්වාගෙන් ප‍්‍රශ්න කිහිපයක් විමසුවා. ඔහු කියා සිටියේ තමන් හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂට සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට ගරු කරන බවයි.

එහෙත් මර්වින් සිල්වා හිටපු අමාත්‍යවරයා, හිටපු ජනාධිපතිනියට දැඩිව බැනවැදුණු අවස්ථා තිබෙන බව මාධ්‍යවේදීන් මෙහිදී සිහිපත් කළා. එහිදී මාලක සිල්වා ප‍්‍රකාශ කළේ තමාට මෝඩ පුතා යැයි ඇය සඳහන් කිරීම නිසා පියා එවැන්නක් සිදුකළ බවයි. 

"මට කියන්න තියෙන්නේ මේකයි. මම මෙතන මේ නයිට් ක්ලබ්වල ඇප කොන්දේසි ඇප කොන්දේසි අයින් කරන්න කියලා ආවේ නැහැ මෙතනට. මං මෙතනට ආවේ මට මේ ලංකාවේ ජීවත් වෙන්න ඕනේ. ඉතින් මට ලංකාවේ ජීවත් වෙන්න බැරි විදිහට තමයි මේ ඇප කොන්දේසි සමහර ඒවා දාලා තියෙන්නේ. ඉතින් ඒවා ලිහිල් කරන්න කියලා තමයි මම මෙතනට ආවේ. ගෝඨාභය මහත්තයා කියලා තියෙනවා මට සුද්ද ගැහුවා කියලා නහය කැඩෙන්න. මම අහන්නේ මගේ නහය කැඩුණානම් එතකොට ඒක ඇවිල්ලා බරපතල තුවාලනේ. ඉතින් බරපතල තුවාල වෙච්ච මම ඇතුළට ගිහින් මාසයක්. ඒ මනුස්සයා තාම එක දවසක්වත් ඇයි ඇතුළට දැම්මේ නැත්තේ.
මම වෙනදා වැරදි කරලා ඇති. මේ අන්තිම වැරැද්ද මගේ වැරැද්දක් නෙමෙයි. මෙන්න බලන්න මගේ නහය හතර පස් සැරයක් කැඩිලා තියෙනවා. මේවා නිකන් රබර් වගේ. මට ආයි ගුටි කන්න පුළුවන්. ඒක ප‍්‍රශ්නයක් නෙමෙයි. මේ සුද්දා ගැහුවේ මම අනිත් පැත්ත බලන් ඉද්දී. ඒකයි ප‍්‍රශ්නෙ වුණේ. ඉතින් ඒකයි මට කියන්න තියෙන්නේ. ඉතින් මම ඇතුළට ගියා. මේ ගහපු සුද්දා තව එළියේ. තාම ඇතුළට ගත්තේ නැහැ. මම දන්නේ නැහැ ඇයි කියලා."


ප‍්‍රශ්නය - ඔබතුමා දේශපාලනයට එනවා කියලා ආරංචියි ?
මාලක - අනිවාර්යයෙන් කරනවා.

ප‍්‍රශ්නය - කොයි පක්ෂයෙන්ද ?



මාලක - මට නොමිනේෂන් දෙන ඕන පක්ෂයකින් ඉල්ලනවා


මෙහි සම්පූර්ණ වීඩියෝව පහතින්....




Share this

More Gossip News