ජෙනරාල් ෆොන්සේකා ෆීල්ඩ් මාර්ෂල් නිලය ලබයි

ශ්‍රී ලංකා යුද හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට ෆීල්ඩ් මාර්ෂල් නිලයට පත් වූ හිටපු ආරක්‌ෂක මාණ්‌ඩලික ප්‍රධානි හා යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා වෙත ෆීල්ඩ්මාර්ෂල් නිලය පිරිනැමීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ඊයේ (22 දා) සවස කොළඹ ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී අභිමානවත් අයුරින් සිදුවිය.

ආරක්‌ෂක අමාත්‍යාංශ සරඹ පිටියේ පැවැති මෙම උත්සවයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිරිනැමූ ත්‍රිවිධ හමුදා උත්තමාචාරයෙන් අනතුරුව ආරක්‌ෂක ලේකම්වරයා විසින් ෆීල්ඩ් මාර්ෂල් නිලය පිරිනැමීමට අදාළ හේතු පාඨ කියෑවීමෙන් පසු ජනාධිපතිවරයා විසින් ජෙනරාල් සරත් ෆොන්සේකා වෙත ෆීල්ඩ්මාර්ෂල් නිලයේ යෂ්ටිය පිරිනැමීය.


අගමැති රනිල් වික්‍රමසිංහ, කථානායක චමල් රාජපක්‌ෂ මහත්වරුන් සමග ආරක්‌ෂක මාණ්‌ඩලික ප්‍රධානි, ත්‍රිවිඩ හමුදාපතිවරු ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන් රැසක්‌ සහ රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය ඇතුළු විශාල ආරාධිතයෝ පිරිසක්‌ මෙම අවස්‌ථාවට සහභාගි වූහ.
















Share this