දිනූ නිදහස අනතුරේ, ජාතියේ අභියෝගය ජය ගැනීමට පෙළ ගැසෙමු!’ යන තේමාව යටතේ සංවිධාන කරනු ලබන ජාතික රැලි මාලාවේ තෙවැන්න අද (26) සවස 3.00 ට රත්නපුර සීවලී ක්‍රීඩාංගණය අසල දී පැවැත්වේ.
ජාතික නිදහස් පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ යන පක්‍ෂ 04 මෙම රැලිය සංවිධාන කරනු ලබන අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නම් කරන ලෙස බල කෙරෙමින් මේ රැලිය පැවැත්වේ.
මහජන එක්සත් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන, ජාතික නිදහස් පෙරමුණේ නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර සහ පිවිතුරු හෙළ උරුමයේ නායක, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහත්වරුන් ඇතුළු දේශපාලන පක්‍ෂ නායකයන් රැසක් මෙම ජාතික රැලිය ඇමතීමට නියමිතය.