ආණ්‌ඩුවේ යහපාලනය ගැටලුවක්‌

ජනාධිපති මෛත්‍රී පරද්දන්න වැඩ කරපු අයට ලැඡ්ජා නැතිව ඇමැතිකම් දෙනකොට මේ ආණ්‌ඩුවේ යහපාලනය අර්ථ දක්‌වන්නේ කෙසේ දැයි කියා ගැටලුවක්‌ මතුවන බව ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊයේ (25 වැනිදා) පක්‍ෂ මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී සඳහන් කළේය. එහිදී ඒ මහතා මෙසේද කීවේය.පසුගිය ආණ්‌ඩුවේ සමහර කණ්‌ඩායම් උසාවියට කැඳවලා චෝදනා පත්‍ර බාරදෙයි කියලා ජනතාව බලන් හිටියා. ඒ අයට ජනාධිපති කාර්යාලයට කැඳවලා ඇමැතිකම් දෙනවා.

ඇමැතිකම් දෙන්නේ 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය සම්මත කරගන්නලු. මන්ත්‍රීවරුන්ට කප්පම් දෙනවා නම් එයාලව තවදුරටත් තියාගන්නෙ මොකටද?

ආණ්‌ඩු කරන්න ශ්‍රී ලනිපයට ජන වරමක්‌ නැහැ. ඔවුන් පරාජයට පත්වුණා. මෙය ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි. දැන් රට තුළ විශාල දේශපාලන අවුලක්‌ ඇතිවෙලා.




Share this