ගුරුවරියගේ පින්තූර ෆේස්‌ බුක්‌ ගිණුමේ

ඇසැබි පින්තූර හැදූ සිසුවා මාට්‌ටු

ගම්පොළ නගරයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරියකගේ ඡායාරූප රැගෙන ඒවා අසභ්‍ය අයුරින් සකස්‌ කොට මුහුණු පොතේ ගිණුමක පළකළ 11 වසරේ සිසුවකු පිළිබඳව ගම්පොළ පොලිසියට පැමිණිලි කොට ඇත.

පාසලෙන් ගිය විනෝද චාරිකාවකදී මෙම සිසුවා එම ගුරුවරියගේ ඡායාරූප ගෙන ඇති අතර ඒවා වෙනස්‌ කොට පළ කොට ඇති බවද අනාවරණය වී තිබේ.

මෙම අදාළ ගුරුවරිය ඒ පිළිබඳව සොයා බැලීමේදී තමාගේ නමින් කවුරු හෝ ෆේස්‌ බුක්‌ ගිණුමක්‌ අරඹා වෙනස්‌ කළ ඡායාරූප එහි පළකොට ඇති බව සොයාගෙන ඇති අතර පාසලේ කවුරු හෝ විසින් මෙය සිදුකර ඇති බව දැන තමා උගන්වන 11 වසර පංති ළමයින් ගෙන් ඒ පිළිබඳව විමසා ඇත.

එහිදී මෙම සිසුවා මෙම ගිණුම අරඹා එහි ඡායාරූප පළකොට ඇති බව අනාවරණය වී ඇත.

Share this