මීගමුව - පිටිපන ප‍්‍රදේශයේ ඉදි කෙරුණු ප‍්‍රජා ශාලාවක් විවෘත කිරීමේ උත්සවයකදී ඊයේ (29) පෙරවරුවේ ගැටුමක් හටගත්තා. මෙම ගැටුම ආරම්භවී ඇත්තේ එම ස්ථානයට පැමිණි හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා ඇතුළු පිරිසක් අදාල උත්සව සංවිධායකයින් සමඟ බහින් බස්වීමත් සමඟයි.
ඉදි කෙරුණු ප‍්‍රජාශාලාව විවෘත කිරීමේ උත්සවය ඊයේ පෙරවරුවේ පැවැත්වුණේ මීගමුව නගරාධිපති ඇන්ටනී ජයවිර මහතාගේ ප‍්‍රධානත්වයෙන්.
විවෘත කිරීමේ උත්සවයෙන් අනතුරුව ගැබිණි මව්වරුන් සදහා පෝෂණ මල්ලක් බෙදා දීමේ උත්සවයක් ද ප‍්‍රජාශාලාවේදී පැවැත්වුණා. එම අවස්ථාවේදී එහි පැමිණි හිටපු ධීවර අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා සහ ඔහුගේ ආධාර කරුවන් පිරිසක් නගරාධිපතිවරයා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබෙනවා.
ඊට හේතු වී ඇත්තේ ප‍්‍රජා ශාලාව විවෘත කිරීමේ උත්සවයට හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාට ආරාධනා නොකිරීමයි. එහිදී දෙපාර්ශ්වය අතර ගැටුමක් ද හටගත්තා.