ක‍්‍රිකට් ලෝක කුසලානය ඕස්ටේ‍්‍රලියාව දිනයි (PHOTO)

2015 එක්දින ලෝක කුසලානය තමන් සතුකරගැනීමට සම සත්කාරකත්වය දැරූ ඔස්ටටේ‍්‍රලියා කණ්ඩයම සමත්විය. ඒ අවසන් මහ තරගයේදී සම සත්කාරක නවසීලන්ත කණ්ඩායම කඩුලූ‍ 7කින් පරාජය කරමිනි.

නවසීලන්ත කණ්ඩායමෙන්එල්ල වූ ලකුණු 184ක ඉලක්කය කඩුලූ‍ තුනක් පමණක් වැයකර පසුකර යාමට ඔස්ටේ‍්‍රලියා කණ්ඩායම සමත්විය. තම අවසන් එක්දින තරගය ක‍්‍රීඩා කළ නායක මයිකල් ක්ලාක් ලකුණු 74 රැස්කරමින් ඔස්ටේ‍්‍රලියා කණ්ඩායමට අවශ්‍ය පදනම දැමීය.

ඔහු පිටියෙන් ඉවත්ව යන විට ඉහළ පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාරයක් ලැබීය.

ඔස්ටේ‍්‍රලියා කණ්ඩායම මෙවර හිමිකරගත්තේ සිය පස්වැනි ලෝක කුසලාන කිරුළයි. වසර 40ක ලෝක කුසලාන ඉතිහාසයේ පළමු වරට අවසන් මහ තරගයට පිවිසි නවසීලන්තයට අනුශුරතාවෙන් සෑහීමකට පත්විමට සිදුවිය.
මෙම තරගයෙන් පසුව නවසීලන්තයේ ඩැනියෙල් විටෝරිද එක්දින පිටියට සමුදුන්නේය.

ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ වීරයා සම්මානය ඔස්ටේ‍්‍රලියාවේ වේග පන්දු යවන ක‍්‍රීඩක මිචෙල් ස්ටක් විසින් හිමිකරගත්තා. මෙම තරගාවලිය තුළ විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මිචෙල් ස්ටක් ඉනිම 8කදී බිඳහෙලූ කඩුලූ සංඛ්‍යාව 22ක්.ජේම්ස් ෆොල්ක්නර් තරගයේ වීරයා ලෙස සම්මානය දිනාගත්තා.
































Share this