ප‍්‍රබල ඉන්දියානුවන් අභිබවමින් සංගා ලෝක එක්දින කණ්ඩායමට

අන්තර් ජාතික ක‍්‍රිකට් කවුන්සිලය විසින් නම් කරන ලද 2015 එක්දින ක‍්‍රිකට් ලෝක කණ්ඩායම අද ප‍්‍රසිද්ධියට පත් කෙරුණා. එහි නායකයා ලෙස නම් කර තිබෙන්නේ නවසීලන්ත නායක බ්‍රෙන්ඩන් මැකලම්. තවත් නවසීලන්ත ක‍්‍රීඩකයන් 4 දෙනෙකුද මෙම කණ්ඩායමට ඇතුළත්. ඒ මාර්ටින් ගප්ටිල්, කුරේ ඇන්ඩර්සන්, ඩැනියෙල් වෙටෝරි සහ ටෙ‍්‍රන්ඕ බෝල්ට්.

අන්තර් ජාතික ක‍්‍රිකට් කවුන්සිලයේ 2015 එක්දින ලෝක කණ්ඩායමට ඇතුළත් එකම ආසියනු ක‍්‍රීඩකයා කුමාර් සංගක්කාරයි. අයි පී එල් කෙරුම්කරුවන් බවට පත්ව සිටින ඉන්දියාවේ කිසිදු ක‍්‍රීඩකයෙකු මෙවර ලෝක එක්දින කණ්ඩායමට ඇතුළත නොවීම කැපී පෙනන කරුණක්. ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩකයින් 3 දෙනෙකු සහ දකුණු අප‍්‍රිකානු ක‍්‍රීඩකයින් දෙදෙනෙකුද ඊට ඇතුළත් වනවා. 


අදාළ ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩකයින් වන්නේ ස්ටීවන් ස්මිත්, ග්ලේන් මැක්ස්වෙල් සහ මිචෙල් ස්ටාර්ක්. ඒ බී ඩිවිලියර්ස් සහ මෝර්නි මෝර්කල් මෙම කණ්ඩායමට ඇතුළත් දකුණු අප‍්‍රිකානු ක‍්‍රීඩකයින් වනවා. 12 වැනි ක‍්‍රීඩකයා වන්නේ සිම්බාබ්වේ ජාතික බ්‍රෙන්ඩන් ටේලර්යි.




Brendon McCullum (New Zealand) (captain)

Martin Guptill (New Zealand)

Kumar Sangakkara (Sri Lanka) (wicketkeeper)

Steven Smith (Australia)

AB de Villiers (South Africa&)

Glenn Maxwell (Australia)

Corey Anderson (New Zealand)

Daniel Vettori (New Zealand)

Mitchell Starc (Australia)

Trent Boult (New Zealand)

Morne Morkel (South Africa)

Brendan Taylor (Zimbabwe) 12th man)








Share this