Chat With Sudith Vidhusha

සීමා මායිම් නැති මගේ අරමුණ Top මොඩල් කෙනෙක් වෙන්න 

සිරසගොසිප් චැට් යටතේ මෙවර අපේ කතාබහට එක්වන්නේ මෝස්තර නිරූපණ ක්ෂේත්‍රෙය් දිගු ගමනක් යාමට බලාපොරොත්තු වන කඩවසම් නිරූපණ ශිල්පියෙකු වන සුදිත් විදූෂ. මේ අප ඔහු සමග කළ සාකච්ඡාවයි. 


ඔයා ගැන විස්තර ටිකක් කියලාම අපි පටන් ගමුද? නම ගම වයස සහ විනෝදාංශය එහෙම.
මගේ නම සුදිත් විදූෂ කැකුණවල. වයස නම් අවුරුදු 26ක් වෙනවා. මම ඉපදුණේ කොළඹ. පොත් කියවීම සහ ෆේස්බුක් හි මිතුරන් ඇසුරු කිරීම තමයි මගේ විනෝදාංශයන් වෙන්නේ. 

මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයට එක්වීමට කුඩා කල සිට හීනයක් තිබුණද? 
මොඩල් කෙනෙක් වෙන්න පොඩි කාලේ හීනයක් තිබුණේ නැහැ. ආසාවක් තිබුණේ රූපලාවන්‍ය ශිල්පියෙක් වෙන්න. ඇත්තටම 2008 Hair Asia Passific කියන Beuty Show එකේ මට අහම්බෙන් Bride කෙනෙක් ඉදිරිපත් කරන්න ලැබුණා. දෙරණ  මාධ්‍ය ආයතනයෙන් පැවැත්වූ පුංචි තරගයක Model of the New Generation  කියල මගේ යාළුවෙක් ඒ තරගෙට සහභාගි වෙන්න හිටියා. මං හිටියේ එයාගේ තනියට. ඒත් අන්තිම මොහොතේ එයාට තනිවම යන්න බැහැ කියලා මටත් යමු කිව්වා. 
ඒත් ඒ වන විට මං කවදාවත්ම මොඩලින් කරලා තිබුණේ නැහැ. අඩුම ගානේ රෑම්ප් එකකට නැගලා තිබුණෙත් නෑ. ඒත් මං තරගෙට ඉදිරිපත් වුණා. 
ඒක තමයි නිරූපණය පැත්තෙන් මුලින්ම ලබපු අත්දැකීම. 


මොඩල් කෙනෙක් විදිහට ඉස්සරහට යන්න උදව් කළේ කවුද?
මම මොඩල් කෙනෙක් වුණේ ඉතාමත් අහබු විදිහට හදිස්සියේ. කෙනෙක් මාව එයාගේ තනියට එක්කන් ගිහින්. ඉතින් එදා මං හිතුවේ නැහැ මං මොඩලර් කෙනෙක් විදිහට මෙච්චර දීර්ඝ ගමන් එයි කියලා. මං අදත් හිතින් ඒ කෙනාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඊට අමතරව මගේ වටේ හිටපු ගොඩක් යාළුවෝ මට ගොඩක් උදව් කළා. නම් වශයෙන් කියන්න අමාරුයි. ඒත් හැම කෙනෙක්ටම මං ගොඩක් ස්තුති වන්ත වනවා. 

මොනද ඉදිරියේදී කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. 
බලාපොරොත්තු නම් ගොඩක් තියෙනවා. ඒවායින් කීපයක් තමයි, ක්ෂේත්‍රයේ දිගු ගමනක් යන්න ආසයි. ඒකට මං පදනම හදාගෙන ඉවරයි. ඒ වගේම මෝස්තර නිරූපණය කියන එක හරියටම ඉගෙන ගෙන ජාත්‍යන්තරව පිළිගන්නා Top මොඩලර් කෙනෙක් වෙන එක තමයි මගේ ලොකුම බලාපොරාත්තුව. ඒ වගේම මං ඉගෙන ගත්ත දේවල් සහ මගේ හැකියාවන් අනිත් අයත් එක්ක බෙදාගන්න මං කැමතියි. මං මේ වන විට ඒකටත් වැඩපිළිවෙළක් සකස් කරමින් පවතිනවා. 

ශ්‍රී ලංකාවේ මොඩලින් ගැන මොනවද කියන්න තියෙන්නේ. 
ඇත්තම කිව්වොත් ශ්‍රී ලංකාවේ මොඩලින් කියන ක්ෂේත්‍රය දිහා බැලුවම හිතට එකඟව උපරිමෙන්ම සතුටු වෙන්න අමාරුයි. ඒත් ගොඩක් මිනිස්සු හිතන තරමට මොඩලර්ස් බොළඳවත්, ලොකු ඔළුවවත්, නරකවත් නැහැ.  හරි ඉගෙනුමක් නැතිව බිහි වුණ මොඩලර්ස්ලා කොටසක් ආවට ගියාට කරන විකාර වලින් හැම කෙනෙක්වම ඒ තත්ත්වයෙන් මනින්න නරකයි. අනික තමයි මොඩලස්ලා කියන්නෙත් ඉතාම සාමාන්‍ය මනුෂ්‍යයෝ පිරිසක්මිසක් අමුතු සත්තු ටිකක් නෙවෙයි. අන්න ඒක ලංකාවේ ගොඩක් මිනිස්සු තේරුම් ගන්නවම් හරිම සතුටු වෙනවා. 

මොඩලින් කරද්දී ඔයාගේ සීමාවන් මොනවද?
මේකට මට බය නැතිව උත්තර දෙන්න පුළුවන්. ඇත්තටම මට මොඩලින් කරද්දී සීමාවන් නැහැ. 
මම මොඩල් කෙනෙක්. මට සීමාවන් තියාගෙන මේ ක්ෂේත්‍රයේ දිගු ගමනක් යන් බැහැ. මගෙ පිළිගැනීම ඒකයි. 

විදූෂ රඟපාන්න එහෙම කැමැති නැද්ද?

මෙහෙමයි... මං රඟපාන්න අකමැත්තක් නැහැ. දැනටමත් ගීත රූප රචනා කිහිපයකටම රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඒ අතරින් මං ප්‍රධාන චරිතය කරන දෙකකුත් තියෙනවා. තව කිහිපයක් ඉදිරියේදී නිකුත් වීමටත් තියෙනවා. ඒත් මං ගොඩක්ම ආස දැනට මොඩල් කෙනෙක් විදිහට ඉස්සරහට යන්න. පසුකාලීනව රංගන හිල්පියෙක් වෙන්න අකමැත්තක් නැහැ. මේ වන විටත් ආරාධනා සෑහෙන ප්‍රමාණයක් ලැබෙනවා. මං තවමත් ටිකක් හිතනවා.

මේ ආපු දුර පිළිබඳ මොකද හිතෙන්නේ... 

හ්ම්... මේ ආපු දුර නම් ලෙහෙසි නැහැ. මං මේ දුර ආවේනම් රතු පලස් උන් නම් නෙවෙයි. මං ගොඩක්ම ස්තුති වන්ත වෙනවා මගේ යාළුවෝ ටිකට. නම් වශයෙන් කියන්න ගියොත් ලේසි වේනනේ නැහැ. ඒත් මගේ යාළුවෝ ටික දෙනා මට ලොකු ශක්තියක් වුනා. මගේ වැඩවලදී ඒ අතරින් මට කවදාවත් අමතක නොවෙනම කෙනා තමයි සඳුන් අළුවිහාරේ කියන මගේ මිතුරා. අම්මා තාත්තා වගේ මගේ පිටිපස්සෙන් ඉඳලා මට හොඳ නරක කියලා දීපු කෙනා. මං හැමදාමත් එයාට ගොඩක් ඉස්තුතිවන්ත වෙනවා. ඊ ළඟට මගේ  නෑනා අම්මගේ තැන ඉඳලා මාව ඉදිරිමත් කළේ එයා. කාවින්ද අයියා තාත්තෙක් වගේ පිටිපස්සේන ඉඳන් අදටත් මං ගැන හොයලා බලනවා. මගේ හැබෑ ජීවිතේ පියා මං ආදරෙන් මතක් කරනවා. ඒවගේම මගේ අනික් යාළුවෝ ටික හැම වෙලාවේම මාව ශක්තිමක් කරනවා. එයාලට මං ගොඩක් ස්තුතිවන්ත වෙනවා. අන්තිමට කියලත් බැහැ, නොකියත් බැහැ. ඒත් මෙතැන එයා ගැන නොකිව්වොත් ඒක ලොකු පාඩුවක්. මගේ පෙම්වතිය මගේ පිටුපසින් ඉඳන් ලොකු සහයෝගයක් ලබාදෙනවා මගේ වැඩවලට. මගේ ක්ෂේත්‍රය කුමක්ද යන්න හඳුනගෙන මට වැඩ කරන්න ඉඩ දීලා තියෙනවා. ඉතින් එයාට මං ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මාව ක්ෂේත්‍රයේ දුරටක් යන්න දිරිමත් කරන එකට. 

විදූෂගේ ඡායාරූප එකතුවක් පහතින් නරඹන්න. 






Share this