Jan082016

ඇඹිලිපිටිය පොලීසියේ 21ක් මාරු

පොලීසිය හා ඇඹිලිපිටිය ප්‍රදේශයේ පුද්ගලයන් කිහිපදෙනෙකු ඇතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ අවසන්වන තුරු ඇඹිලිපිටිය පොලීස් ස්ථානාධිපිතිවරයා ඇතුළු පොලිස් නිලධාරන් 21 දෙනෙකුට තාවකාලික ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

රත්නපුර කොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් මෙම ස්ථානමාරුවීම ලබාදි තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් රත්නපුර කොට්ඨාස පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණයෙන් පරීක්ෂණයක් පැවැත්වෙයි. 

Share this

More Gossip News