Dec232015

මරණය අතළඟ සිටි ශ්‍රී ලාංකික කතගේ දඬුවම ලිහිල්වෙයි

සෞදියේදී ගල්ගසා මැරීමට නියම වූ ශ්‍රී ලාංකික කාන්තාවගේ දඬුවම් ලිහිල් කර ඇති බව වාර්තාවෙයි. ඒ් අනුව ඇයව ගල්ගසා මැරීම වෙනුවට වසර තුනත් දක්වා සිරදඬුවම් නියම කිරීමට එරට රජය තීරණය කර ඇති බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පැවසුවේය.

රජය විසින් රාජ්‍ය තාන්ත්‍රික ලෙස සෞදි රජයෙන් කරන ලද අභියාචනයකට ප්‍රතිචාරයක් ලෙස මෙලෙස දඬුවම ලිහිල් කිරීමට තීරණය වී ඇති බව හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේ අද පස්වරුවේ විදේශ කටයුතු අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදීය.

Share this

More Gossip News