අනියම් පෙම්වතියගේ දැලේ පැටලුණු රියැදුරු පෙම්වතා අතමාරුවට දුන් මුදල් ගන්න නිරුවත් ෆොටෝ අරන් උසාවියට ගිහින්

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ලේකම් කාර්යාලයක ප්‍රවාහන වෛද්‍ය අංශයේ ලිපිකාරණියකගේ හා ඇගේ හොර සැමියාගේ ජංගම දුරකථනවල තිබූ ඔවුන්ගේම නිරුවත් ඡායාරූප කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා අංශයට යොමු කර ඒ පිළිබඳ තාක්ෂණික වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි මතුගම අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය කළුතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයට නියෝග කර තිබෙනවා. 

පස්දුන්කෝරළයේ ප්‍රධාන පෙළේ දේශපාලනඥයකුගේ සුරතලියක්ව සිටි  අනුහසින් රැකියාවක් ලබාගත්තේ යැයි කියන එම කාන්තාවගේ සහ ඇගේ අනියම් සැමියා යැයි කියන ලංගම රියැදුරෙකුගේ ජංගම දුරකථනවල අසැබි දසුන් පිළිබඳ මෙසේ වාර්තා කැඳවීමට නියෝග කෙරුණා. 
විවාහක සැමියා විසින් අතහැර දමන ලද එම කාන්තාව මතුගම ප්‍රදේශයේ සිට රැකියාවට යන අතරතුර බස් රථ රියැදුරකු හා මිතුරුව අනියම් අඹුසැමියන් බවට පත්ව ඇති. ඒ අතරතුර මෙම කාන්තාවගේ පහසට රැවටී බස් රථ රියැදුරු රුපියල් ලක්ෂ ගණනක මුදලක් අත මාරුවට කාන්තාවට ලබාදී ඇත. එම දෙදෙනා තම තමන්ගේ ජංගම දුරකථනවලින් එකිනෙකාගේ නිරුවත් ඡායාරූප ගත කර තිබේ. 

එහෙත් එම කාන්තාව තවත් තරුණයකුගේ සුරතලියක් බව දැනගත් බස් රථ රියැදුරු පෙම්වතා තමා දුන් මුදල් ඉල්ලා ඇයට කරදර කර ඇත. කාන්තාව මේ පිළිබඳ පොලීසියට පැමිණිලි කිරීමෙන් පසු දෙදෙනාගේ ලිංගික රූගත කිරීම් සොයන්නට කළුතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයට පැවැරිණි. අවසානයේ එම කාර්යාංශයද මේ පිළිබඳ මතුගම මහේස්ත්‍රාත් අධිකරණයේ පිහිට පැතුවේය. 

ජංගම දුරකථනවල ඇති එකිනෙකාට ප්‍රතිවිරුද්ධ ඔවුන්ගේ නිරුවත් ඡායාරූප පිළිබඳ තාක්ෂණික වාර්තාව ලබාගන්නට අධිකරණය කාන්තා කාර්යාංශයට නිම කළේ. කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි රන්මල් කොඩිතුවක්කු මහතාගේ උපදෙස් අනුව කළුතර කොට්ඨාස ළමා  හා කාන්තා කාර්යාංශය මේ පිළිබඳ පරීක්ෂණ පවත්වයි. 


Share this