සිංහල සිනමාවට එන අලුත්ම රජ කතාව මෙන්න (video)

සිංහල සිනමාවට එක්වන නවතම චිත්‍රපටය වූ ආලෝකෝ උදපාදි චිත්‍රපටයේ ප්‍රචාරක පටය මාධ්‍යයට නිකුත් කිරීම වැල්ලවත්ත සැවොයි සිනමා හලේ දී සිදු කෙරුණා. ක්‍රිස්තු පූර්ව 89 දී වළගම්බා රජුන්ට දේශීය හා විදේශීය බලකාමී හමුදා විසින් තර්ජන ඇති කිරීමත් දැඩි නියඟයක් නිසා දොලොස් අවුරුද්දක් ලක්වාසීන් පිඩා විඳීමත් ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කිරීම ආදී සිද්ධින් කිහිපයක් අළලා මෙම චිත්‍රපටය නිර්මාණය කර ඇත.

චිත්‍රපටය නිශ්පාදනය කර ඇත්තේ කැන්ඩි සිටි සෙන්ටර් අධිපති තුසිත විජයසේන මහතාය. චත්‍ර වීරමන් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයේ තිරනාටක රචනය හා උපදේශන අධ්‍යක්ෂණය කළේ සමන් වීරමන් මහතාය. භාරත ගිහාන් හෙට්ටිආරච්චි සම අධ්‍යක්ෂවරයා ය.


Share this