මහමැතිවරණයෙදී ශ‍්‍රීලනිපයෙන් එජාපයට එන අය අතර කෙහෙළිය අරුන්දික මනුෂ....?

එළැඹෙන මහමැතිවරණයේදී පැවති රජයේ ප‍්‍රකට චරිත කිහිපයක්ම ශ‍්‍රීලනිපය අතහැර එජාපයෙන් තරග වදින්නට නියමිත බව වාර්තා වනවා.

මොවුන් මේ දිනවල සද්ද බද්ද නැතිව සිටින අතර මහමැතිවරණය කිට්ටුවී එජාපයේ නාමයෝජනා සඳහා ඉදිරිපත්වීමට නියමිතය.

මෙම මන්ත‍්‍රීවරුන් පසුගියදා ඇමති ජෝන්ට එරෙහිව විශ්වාසභංගයට සහාය පළ නොකළ අය බවද වාර්තාවනවා. පිල්මාරුවට සූදානම් මේ අය කවුද?

නිල නොවන වාර්තා වලින් කියැවුණ නම් අතර මහනුවර දිස්ත‍්‍රික්කයේ කෙහෙළිය රඹුක්වැල්ල, පුත්තලම දිස්ත‍්‍රික්කයේ අරුන්දික ප‍්‍රනාන්දු ඉදිරියෙන්ම සිටිනවා.

ඊට අමතරව ගාල්ල දිස්ත‍්‍රික්කයේ මනුෂ නානායක්කාර හා හලාවත ප‍්‍රදේශයේ තවත් අයෙකු ගැන වාර්තා වනවා. මේ සියල්ලන් මින් ඉහත එජාපයේ සිටි අය වීමද විශේෂිතය.

ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රගතිශීලී දේශපාලනඥයන් කිහිප දෙනෙකු ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය යටතේ තරඟ වදින බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් ඊයේ එජාප මාධ්‍ය හමුවකදීද හෙළි කර සිටියේය.

Share this